(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සියලුම ආයතන වලට මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ බව  සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය

ඔහු මෙසේ පැවසුවේ  සිය ට්විටර් ගිණුමේ  සටහනක් තබමිනි.

මෙම වැඩපිළිවෙල තුළින් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට මෙන්ම සියලුම සංචාරක පාර්ශ්වකරුවන්ට විදේශ විනිමය උපයා ගැනීමට අවස්ථාවක් උදාවනු ඇතැයිද  අමාත්‍යවරයා සඳහන් කළේය.