
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මත්පැන් බලපත් ලබා ගත් අයගේ නාම ලේඛනය මෙන්ම ඒවා ලබාදෙන්නට නිර්දේශ කළ දේශපාලනඥයන්ගේ නම් ද ඉදිරිපත් කරන්නැයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
එසේ නොකළොත් සියලු දෙනාම පව්කාරයන් බවට පත්වන්නේ යැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ඊට පිළිතුරු දෙමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසූයේ මුදල් අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කරමින් සිටින අතර එම තොරතුරු ලැබුණු වහාම සියලු කරුණු ඉදිරිපත් කරන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න බොලේ උපාසක රත්තරන් ,
ඉතා හොඳ ඉල්ලීමක්. මෙය ඉටුවනු ඇති බලාපොරොත්තු වෙමු.
ඉතාමත් හොඳ දෙයක් .ඕකට නම් ආණ්ඩුව පස්ස ගහයි .ඕක දෙන එකක් නැහැ
ඇත්ත වසයෙන්ම හෙලිකර යුත්තෙ මේවා දෙන්නට යොජනා කරපු උපාසකයන් ලෙස හැසිරෙන දේසපාලකයන්ගෙ නම් ලැයිස්තුවයි
හෙළිකොප්ටරේ නිර්දේශ කරපු ලොක්කාගේ නමත් හෙළි කරන්නේ නැත්තේ ඇයි..? ඔහෙත් මිද්දෙණියේද? ළඟදී ගමේ ගියෙයි..!
නාහෙන් හොටු පෙර පෙරා, බොරුවට කිඹුල් කදුළු හළලා ඡන්දේ අරන් පාර්ලිමේන්තුවට ආපු රත්තරන් මොළකාරයා. නිර්දේශ කරපු අය කෙසේ වෙතත්, ලයිසන් තියෙන අය ගැන නම් තමුන් හොඳාකාරවම දන්නවා ඇති...!
මෙයා ටිකක් හොඳ වෙලා වගේ... ඒ වුණාට පෙර වැරැදි බොහෝයි. ඒවට නම් රජෝ දඬුවම් ලැබිය යුතුයි.