
(ඉන්දිකා රාමනායක)
කොළඹ බේරේ වැවේ සති කිහිපයක පුරා අපද්‍රව්‍ය එක්රැස් වී පල්වීම නිසා දින ගණක සිට එම ප්‍රදේශයේ හටගන්නා දුර්ගයන්දය හේතුවෙන් ඒ අවට ප්‍රදේශයේ ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති.
මෙම අධික දුර්ගන්දය හේතුවෙන්, බේරේ වැව ආසන්නයේ පිහිටි ශ්‍රි ජිනරතන කාර්මික විද්‍යාලයේ සිසුන්, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වැද පුදාගන්නා දෙස් විදෙස් බැතිමතුන්, විහාරවාසී භික්ෂූන් වහන්සේලා ඇතුලු පිරිස, බිෂොප් විද්‍යාලයේ සිසුවියන් ඇතුලු පිරිස, ගාමීණි මාතා වැඩිහිටි නිවාසයේ වයෝවෘද්ධ පිරිස, ජේම්ස් පීරිස් මාවතේ ගමන් ගන්නා පිරිස උදේ හවා දැඩි පීඩාවට පත්ව සිටිති.
ඒ අවට පිරිස හා එම මාර්ගයේ ගමන් ගන්නා පිරිස නිරන්තරයෙන් මුහුණ වසාගෙන ගමන් කරනු දක්නට ලැබුණි.
බේරේ වැවේ ජේම්ස් පීරිස් මාවතේ කාර්මික විද්‍යාල දෙසින් වු බේරේ වැවේ කොටසේ සති කිහිපයක සිට කැළි කසල හා අපද්‍රව්‍ය ඒක රැස් වී ඒවා පල්වීමෙන් ප්‍රදේශය පුරා මෙලෙස දුගද හමිමන් පවතියි.
එම කැලි කසල හා පාසි එක් රැස් වී පල් වීම නිසා එම ප්‍රදේශය ජලය තද කොළපාට හුරු වී ඇති අතර, එම ජලයේ තෙල් තට්ටු හා අපද්‍රව්‍ය තට්ටු බැදී පල් වී ඇත.
පුද්ගලික ආයතනයතට සම්බන්ධ සේවකයින් කිහිප දෙනෙකු අප එම ස්ථානයට යනවිට එම අපද්‍රව්‍ය ඉවත් කරනු දැක්නට ලැබුණු අතර, ඔවුන් ඉවත් කරන අපද්‍රව්‍ය එම ස්ථයේද ගොඩ ගැසීම නිසා දුර්ගන්දයේ අඩුවක් දැක්නට නොවීය.
මේ සම්බන්ධයෙන් හුණුපිටිය ගංගාරම විහාරස්ථානයේ විහාරවාසී භික්ෂූන් වහන්සේ නමක් ලංකාදීපයට පැවසූහ.
මෙම දුර්ගයද හැමීම වසරකට අවස්ථා කිහිපයක සිදුවන බවයි.
මේ සම්බන්ධයෙන් බලධාරීන් අවස්ථා කිහිපයකම දැනුවත් කළ ද ඔවුන් මේ සදහා නිසි ක්‍රමවේදයක් අනුගමන නොකර පැලැස්තැර විසදුම් පමණක් සිදු කරන බවට උන්වහන්සේ චෝදනා කරයි.
මෙම පැලැස්තර විසදුම් හේතුවෙන් අවට ජනතාව වරින්වර දැඩි දුෂ්කරතාවට පත්වන බවද එම විහාරවාසී හිමියෝ සඳහන් කළහ.
මෙම තතත්වය දිගටම පැවතියහොත් වැවේ මසුන් ද මිය යා හැකි බවත්, එසේ වුවහොත් ප්‍රදේශයේම ජනතාව දැඩි අපහසුතාවට පත්විය හැකි බවද උන්වහන්සේ කියා සිටියහ.
ගංගාරාම විහාරය වැද පුදා ගැනීම සදහා දිනකට දෙස් විදෙස්, භික්ෂූන් වහන්සේලා, බැතිමතුන් විශාල පිරිසක් පැමිණෙන බවත්, මෙම තත්ත්වයට අනුව ඔවුන් ද දැඩි අපහසුතාවට පත් වන බවද උන්වහන්සේ පෙන්වා දුන්හ.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැයි 09 වෙනිදා කව්දෝ ගඳයින් වගයක් ඕකේ නෑවා ඊට පස්සේ බෑනේ
අවුරුදු ගණනාවක සිට මේ කාලයට ඔය දුගඳ හමන එක සාමාන්‍ය දෙයක්... ඒ දවස්වල කියූ ආකාරයට නම් ඇල්ගී වර්ගයක් නිසාවෙන් සිදුවන්නක්. කොහොම වුණත් දැන් ඕකේ නෑවිය යුතු කට්ටියකුත් ඉන්නවා.
සුද්දන් නහය වහගෙන අපේ රටේ සංචාරය කරනකොට තමයි අපේ රට කොච්චර ලස්සනද කියලා හිතෙන්නේ...?
ගෝඨාභය රාජපක්ෂ මහතා බේරේ වැව ඉතා හොඳ තත්වයට ගෙනාවා.ඒවා අමතක කලගුණ නැති අමනුස්සයන්ට ඔහොම වීම පුදුමයට කරුණක් නොවේ
සමනල කන්දට ගියොත් පෙනෙයි උඩහින් වැටෙන වතුර ටිකේ ලස්සන, උන්නස්ගිරියට ගියොත් පෙනෙයි උල්පත් වලින් පහලට එන වතුරේ ලස්සන. කොළඹට ආවොත් පෙනෙයි කැළණි ගඟේ නාන්නවත් බැරි සමනල කන්දෙන ආපු සුපිරිසිදු වතුර ටිකට කරල තියෙන දේ.මහාවැලියටත් එහෙමයි. ශ්‍රීලාංකික යා අහසෙන් වැටුණු ,පොළවෙන් පිරිපැහැදු වුනු වතුර ටිකට, කුණු කානු, ගෙවල් වලට වැසිකිලි, කර්මාන්ත වල කුණු වතුර, හෝටල් වල අප ජලය ඔක්කොම ගංගා වලට හරවල විනාශ කරලා ඒවා බිලියන ගණන් වියදම් කරලා බොන්න හරි හපන්නු . බේරේ වැවටත් වෙලා තියෙන්නේ ඔය ටිකමයි. වටේ තියෙන කුණු වතුර ඔක්කොම බෙරේ වැවට දාල වැව කුණු කරලා.
ලංකාවේ ප්‍රධාන නගරයේ තියෙන වැවක් නිකම් අසුචි වලක් වගේ කිසිම පිරිසිදු කිරීමක් නොකොර ගඳ ගහන තැනක් වෙලා. නීතිවිරෝධී ලෙස මෙයට අපද්‍රව්‍ය බැහැර කරන පුද්ගලයින් සහ අයතන ගැන සොයා බැලුවොත් හොඳයි. ලංකාවේ ප්‍රධාන නගරයේ අසුචි වලක් තියෙන එකම මුස්පේන්තුයි.. මෙය පරිසිදු කිරීමට සහ වතුර අනුරාධපුරයේ තියෙන වැවක් හා සමානව වතුර හොඳ මට්ටමට ගැනීමට කටයුතු කළොත් හොඳයි..!.
බයියන්ගෙ swimming pool එක.
නිදහසෙන් පස්සේ රටම ගඳ ගැස්සූ, දේශපාලුවන් හිටපු රටේ... බේරෙ වැව ගඳගැසීම පුදුමයක්ද?