(බිමල් ශ්‍යාමන් ජයසිංහ) ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර මූල්‍ය ආයතන මුලාකර රුපියල් කෝටි ගණනින් වංචා කළ සංවිධානාත්මක කල්ලියක තිදෙනකු සහ ව්‍යාජ ලිපි ලේඛන සෑදූ පුද්ගලයන් දෙදෙනකු පොලිස් අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය කියයි. මෙම සැකකරුවන් සමඟ වෙනත් පුද්ගලයන්ගේ නමින් ව්‍යාජ ලෙස සකස් කළ ජාතික හැඳුනුම්පත් ,විවිධ ලිපි ලේඛන, වාහන වල ලියාපදිංචි සහතික, දිවයින පුරා රාජ්‍ය ආයතනවලට අයත් නිල මුද්‍රා,නීතිඥ වරුන්ගේ නිලමුද්‍රා, විදුලි සහ ජල බිල්පත් , බැංකු පොත් , විවිධ ප්‍රදේශවල ඉඩම්වලට අයත් බව කියන ව්‍යාජ ලෙස සකස් කළ ඔප්පු ඇතුළු ලිපි ලේඛන රැසක් පෙන්වා ඒවා සකස් කිරීමට යොදාගත් පරිගණක ඇතුළු යන්ත්‍ර සුත්‍ර ගසක්ද පොලිස් භාරයට ගෙන ඇත. මෙම ජාවාරම් කල්ලිය සම්බන්ධයෙන් පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහතාට ලද තොරතුරක් අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් මාස කිහිපයක් තිස්සේ සිදු කළ දීර්ඝ විමර්ශනවලින් අනතුරුව මෙම සංවිධානාත්මක කල්ලියේ ප්‍රධාන සැකකරුවන් තිදෙනා මහරගම පිලිකා රෝහල අසල මූල්‍ය ආයතනයක් තුළ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි .
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
බොරු කියා කෝටි ගණන් ගැරූ කල්ලියක් මාට්ටු