IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


බයිඩන් යුවලගේ ආදායම පහළට

පසුගිය වසරේ ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ ජනාධිපති ආර්යාව ජිල් බයිඩන් ඇමෙරිකානු ඩොලර් 579,514 ක මුදලක් උපයා ඇතැයි ඊයේ (18) ප්‍රසිද්ධ කරන ලද බදු වාර්තාවේ සඳහන් වේ.

ජනාධිපතිවරයාගේ සහ ආර්යාවගේ ආදායම 2021 වසරට සාපේක්ෂව 2022 වසරේ ඇමෙරිකානු ඩොලර් 30000කින් අඩු වී ඇති බව එම වාර්තාවේ දැක්වේ.

ජනාධිපති ආර්යාව වෘත්තියෙන් ගුරුවරියක වන අතර ඇය පසුගිය වසරේ ඇමෙරිකානු ඩොලර් 82335ක මුදලක් ගුරුවරියක ලෙස සේවය කර උපයා ඇත.
ජෝ බයිඩන් ජනාධිපතිවරයකුට හිමි ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 4 ක වාර්ෂික වැටුප පසුගිය වසරේ ලබා ගෙන තිබේ.

පසුගිය වසරේ ජෝ බයිඩන් සහ ජිල් බයිඩන් ඉපැයූ ඇමෙරිකානු ඩොලර් 579,614 ක මුදලින් ප්‍රතිශතයක් ලෙස සියයට 23.8 ක් ෆෙඩරල් ආදායම් බදු ලෙස ගෙවා තිබේ.ෆෙඩරල් ආදායම් බදු ලෙස ඔවුන් ඇමෙරිකානු ඩොලර් 137,658 ක මුදලක් ගෙවා ඇත.එසේම ඩෙලවෙයාර් ප්‍රාන්තයේ ආදායම් බදු ලෙස ඇමෙරිකානු ඩොලර් 29,023 ක මුදලක් ජනාධිපතිවරයා සහ ආර්යාව ගෙවා ඇති අතර ජනාධිපති ආර්යාව තවත් ඇමෙරිකානු ඩොලර් 3139 ක මුදලක් වර්ජිනියා ප්‍රාන්තයේ ආදායම් බදු ලෙස ගෙවා තිබේ.

එසේම ජනාධිපතිවරයා සහ ආර්යාව ඇමෙරිකානු ඩොලර් 20000 ක මුදලක් පුණ්‍ය කටයුතු සඳහා පසුගිය වසරේ පරිත්‍යාග කර ඇත.ජනාධිපති ජෝ බයිඩන් විනිවිදභාවයකින් යුක්තව කටයුතු කරන ජනාධිපතිවරයකු බවත් ඔහු වසර 25 ක බදු ලිපිගොනු ප්‍රසිද්ධ කර තිබෙන බවත් ධවල මන්දිරය පෙන්වා ගී ඇත.

එසේම උප ජනාධිපතිනි කමලා හැරිස් සහ ඇයගේ සැමියා ඇමෙරිකානු ඩොලර් 456,918 ක මුදලක් පසුගිය වසරේ උපාය ඇති අතර ඉන් ඇමෙරිකානු ඩොලර් 93.570 ක මුදලක් ෆෙඩරල් ආදායම් බදු ලෙස ගෙවා ඇති බවත් කැලිෆෝනියා ප්‍රාන්තයේ ආදායම් බදු ලෙස ඇමෙරිකානු ඩොලර් 17,612 ක මුදලක් ගෙවා ඇති බවත් සඳහන් වේ.



අදහස් (4)

බයිඩන් යුවලගේ ආදායම පහළට

ලසන්ත Wednesday, 19 April 2023 02:06 PM

රටේ පළමු පුරවැසි යුවලගේ, ෆෙඩරල් ආදායම් බදු = 23.8% ඩෙලවෙයාර් ප්‍රාන්තයේ ආදායම් බදු වර්ජිනියා ප්‍රාන්තයේ ආදායම් බදු ... මෙන්න දේශපාලකයෝ.., මෙන්න රටවල්.., මෙන්න වෘත්තිකයෝ.., මෙන්න රටට ආදරේ මිනිස්සු... දැන් මෙතන ඉන්න අය ඒවා දියුණු රටවල් කියමින් මැරෙන්න හදයි. නමුත් ඒවා දියුණු රටවල් වීමටත්, අපි නොදියුණු වීමටත් හේතුව, අපේ දේශපාලකයින් එක්කෝ බදු හොරු, නැත්නම් බදු හොරුන්ගේත් හොරු...

:       1       33

Vira Wednesday, 19 April 2023 02:50 PM

මහින්ද ලොක්කගේ ආදායමට වඩා අඩුයි...!

:       1       21

Prabha Wednesday, 19 April 2023 04:15 PM

ඒකට අපේ සිරිලිය...!

:       1       17

Demuni de Silva Thursday, 20 April 2023 05:37 AM

එම රටවල නීතියට ඉහළින් කිසිවෙක් නැත; අපේ රටේ නීතිය නම්‍යශීලීයි!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 486 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site