ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ආරක්ෂක අංශ පිරිවරාගෙන, ජනතා ඔල්වරසන් මැද, උදෑසන මුහුදු වෙරළ අද්දරට සිය පා පැදිය පදිමින් සිටි අවස්ථාවක, පා පැදිය සමඟ ඇදගෙන වැටුණු නමුත් ඔහුට අනතුරක් සිදු නොවිණි.
79 හැවිරිදි බයිඩන් පා පැදි සවාරියකට එක් වූයේ ඊයේ (17) ඩෙලවෙයාර් පිහිටි සිය නිවසට ගොස් සිටිද්දීය.
පා පැදිය සමඟ බයිඩන් ඇද වැටෙන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් ද මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත.
බයිඩන් ඇද වැටෙද්දී ඔහුගේ ආරක්ෂාවට සිටි ආරක්ෂක අංශ නිලධාරීන් වහා සහායට පැමිණි අතර, ‘මට ගැටලුවක් නැහැ’ පවසමින් බයිඩන් පා පැදිය ද කෙළින් කර ගනමින් නැගී සිටියේය.
ඇමෙරිකාවේ වයස්ගතම ජනාධිපතිවරයා වන්නේ ජෝ බයිඩන්ය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න මිනිස්සු...!
පුටින් කොපි කරන එක ලේසි නෑ ඔය වයසට...
අපේ කට්ටිය අශ්වයා පිටිනුත් වැටුනේ...!