(අංජුල මහික වීරරත්න)
ගම්පහ බියගම ප්‍රදේශයේ ජාතික රෝහලක් සහ ළමා රෝහලක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ගම්පහ දිස්ත්‍රික්කයේ සිදුවන අධික ජනගහන වර්ධනය සහ කාර්මීකරණයට සමගාමීව දිස්ත්‍රික්කය ප්‍රධාන සේවා සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කරනු ලබන බවත් ඒ හේතුවෙන් සෞඛ්‍ය සේවා සඳහා වන ඉල්ලුම ඉහල යමින් පවතින අතර එකී ඉල්ලුම සපුරාලීම සඳහා ජාතික රෝහලක් සහ ළමා රෝහලක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය හඳුනා ගනු ලැබ ඇතැයි රජය කියයි.
ඒ අනුව රාජ්‍ය පෞද්ගලික හමුල්කාරීත්ව ක්‍රමවේදය යටතේ ජාතික රෝහලක් සහ ළමා රෝහලක් එම දිස්ත්‍රික්කයේ ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇතැයි රජය පවසයි.
ඒ සඳහා බියගම උතුර ග්‍රාම නිලධාරී වසමේ පිහිටි අක්කර හතයි රූඩ් තුනක් වන ඉඩම් කොටස් දෙකක් අත් කරගෙන මූලික යටිතල පහසුකම් සැලසීමෙන් අනතුරුව යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තියන ජාතික රෝහල් දෙකත් බොහොම අමාරුවෙන් දුවන්නේ ,බොරුවට ලෝකෙට පේන්න තව ජාතික රෝහල් හදනවා .ජාතික රෝහලක් කියන්නේ ගොඩ නැගිලිම විතරක් නෙමෙයි කියන එකවත් තේරෙන්නේ නැති මෝඩ පාලකයෝ තමා අපිට ඉන්නේ
මේ කතාව දැනට මාස කිහිපයකට කලිනුත් කිව්වා. අනික තියන රෝහල් ටික නඩත්තු කරන්න බැරිව, සමහර බෙහේත් වර්ග රෝහල්වල නැහැ, X-RAY, SCAN යාන්ත්‍රවල් අක්‍රය වෙලා, වෛද්‍යවරු රටින් යනවා, ගිය සතිය ආරංචි වුනා සාගලගේ සහ නිපුණ රණවක නියෝජන කරන දෙනියාය මුලික රෝහලේ සේවය කල නිර්වින්ද වෛද්‍යවරයා ගිය නිසා ශල්‍යකර්මවල් අත්හිටුව ඇති කියලත්. මෙවැනි තත්වය උඩ මේවා ප්‍රායෝගික කරනවයි කියල මොන විශ්වාසය තියන්නේ? හරියට Free WI FI කලාප, වැක්ස් වගන් කාර් කර්මාන්ත ශාලා කතා වගේ තමයි මේකත්.
මීට ලඟකදී දැක්කා "බියගම කියන්නෙ සංවර්ධිත ප්‍රදේශයක්" කියල රටේ ජනාධිපතිවරයාම කියල තිබුණ නිව්ස් එකක්. එතකොට බියගම සංවර්ධනය වුණේ රෝහලක් - ළමා රෝහලක් එහෙම නැතුවද?
බියගම රනිල් ගේ ආසනය නිසා ඒක බියගමට දෙන්න
එකෙක් ඔක්කොම හම්බන්තොට ට අරන් ගියා.තව එකෙක් පොළොන්නරු අරන් ගියා.දැන් බියගම
විහිලු!