
(අංජුල මහික වීරරත්න)
බියගම නව රෝහලක් ඉදිකිරීමේ කටයුතු ලබන මාසයේදී ආරම්භ කරන බව දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
බියගම ආසනයට තවත් එක් ජාතික පාසලක් ලබා ගැනීමේ ඉලක්කය සපුරා ගැනීම තමාගේ තවත් බලාපොරොත්තුවක් බවද විජයවර්ධන මහතා කීය.
රුවන් විජයවර්ධන මහතා මේ බව කීවෙි මල්වාන, අල් මුබාරක් මධ්‍ය මහා විද්‍යාලයේ නව ශ්‍රවණාගාරයට මුල්ගල් තැබීම වෙනුවෙන් පැවති උත්සවයේ දීය.
මල්වාන, අල් මුබාරක් මධ්‍ය මහා විද්‍යාලයට සියවසක් සපිරීම නිමිත්තෙන් පසුගිය වසරේ සැප්තැම්බර් 6 වැනිදා විද්‍යාලයේ පැවති උත්සවයට එක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී දුන් පොරොන්දුව අනුව විද්‍යාලයේ අංග සම්පුර්ණ ශ්‍රවණාගාරයක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් සිදු විය.
එහිදී අදහස් දැක්වූ රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේ නාවික හමුදාවේ ශ්‍රම දායකත්වය ලබා ගනිමින් ශ්‍රවණාගාරයේ ඉදිකිරීම් කඩිනමින් නිමකර සිසු අයිතියට පවරා දීමට කටයුතු කරන බවයි.
ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව මෙම ශ්‍රවණාගාරය ඉදිකිරීම සඳහා කඩිනමින් ප්‍රතිපාදන වෙන් කෙරුණු බවත් එකවර සිසුන් 5000කට පමණ එක් රැස් විය හැකි සියලු පහසුකම් වලින් සමන්විතව මෙම නව ශ්‍රවණාගාරය ඉදි කිරීමට නියමිත බවත් විජයවර්ධන මහතා කීය.

2025 දෙසැම්බර් මස 18
296
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බියගම රෝහල හදන වැඩ ලබන මාසේ ඇරැඹෙයි
upali Friday, 08 March 2024 03:03 PM
දේශගුණික විපර්යාස ගැන කියන්න ඔවුන්ගේ තියෙන වෘත්තීමය සුදුසුකම් මොනවාද?
සුන්දරාFriday, 08 March 2024 04:33 PM
ඔහොම අහන්න තියෙන අධ්‍යාපන හා වෙනත් සුදුසුකම් මොනවද?
පිටරටවැසියා Friday, 08 March 2024 06:24 PM
දේශපාලනික විපර්යාස ගැන කියන්න නම් ඕනෑවටත් වඩා සුදුසුකම් තියෙනවා..