( කුෂාන් ජයවර්ධන)
කැකිරාව නගාරාසන්නයේ ප්‍රසිද්ධ පාසැලක සිසුන් පිරිසක් අද(10) දහවල් බඹර ප්‍රහාරයකට ලක්ව රෝහල් ගත කර තිබේ.
අද දහවල් එල්ලව ඇති එම බඹර ප්‍රහාරයෙන් විද්‍යාලයේ සිසු සිසුවියන් විසි දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර, තුවාල ලැබූ සිසුන් 1990 ගිලන් රථසේවය හා පුද්ගලික රථවාහන මඟින්ප්‍ර තිකාර සඳහා කඩිනමින් රෝහල් ගත කිරීමට විදුහල්පතිනිය ඇතුළු ආචාර්ය මණ්ඩලය කටයුතු කර ඇති බව පොලිසිය කියයි.
ඒ අනුව එම බඹර ප්‍රහාරයට ලක්වූ සිසුන් විසි දෙනෙකු පමණ මේ වනවිට ප්‍රතිකාර සඳහා කැකිරාව මූලික රෝහලට ඇතුළත් කර සිටින අතර ඔවුන්ගේ තත්වය එතරම් බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd