IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


බඹරුන්ගෙන් බේරෙන්න දිවගිය සිසුවා හෙලකින් පහළට

( ශාන්ත චන්ද්‍රසිරි)

නුවරඑළිය, බඹරකැලේ ප්‍රදේශයේ කැළෑවකදී  බඹරුන්ගෙන් බේරිමට දිවයද්දි හෙලකට වැටීමෙන්  දහසය හැවිරිදි පාසල් සිසුවෙකු මිගොස් ඇතැයි නුවරඑළිය පොලීසිය පවසයි.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නුවරඑළිය, බඹරකැලේ වත්තේ පදිංචිව සිටි සිවපෙරුමාල් ඩිල්ෂාන් (16) නැමැති පාසල් සිසුවෙකි.

මෙම සිසුවා සහ තවත් පිරිසක් සමග  එම කැළෑවේ දර එකතු කිරීමට ගොස් තිබේ.එහෙදී  බඹර කූඩුවක බඹරුන් ඇවිස්සී දෂ්ඨ කිරීමක් සිදුව ඇති බවත්, එහෙදී ඔවුන් ඉන් බේරීමට දිව යාමේදී මෙම සිසුවා හෙලකට වැටීමෙන් පසු  මියගොස් ඇති බව  පොලීසිය පවසයි.

බඹරුන් දෂ්ඨ කිරීමෙන් තුවාල ලැබු තවත් තුන් දෙනෙකු ප්‍රතිකාර සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර තිබේ.



අදහස් (1)

බඹරුන්ගෙන් බේරෙන්න දිවගිය සිසුවා හෙලකින් පහළට

Bunny Preena Monday, 21 August 2023 01:22 PM

බොහෝම සෝචනීය මරණයක්... දරුවා පළාත ගැන නොදන්න කෙනෙක් වෙන්න බැහැ. කලබල වුණාම මෙලෝ සිහියක් නැතිව දුවනවා... වටපිටාව ගැන කිසිම අවබෝධයක් නැතිව... පොඩ්ඩක් විමසිලිමත් වෙන්න තිබුණා. ඔහුට නිවන් සුව පතමි...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site