(පද්මසිරි ගාර්දියවසම් )  

මිද්දෙනිය උලහිටියාව ප්‍රදේශයේ නිවසකට යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කු කරුවන් දෙදෙනෙකු වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලාගොස් ඇතැයි මිද්දෙනිය පොලිසිය පවසයි . 

මෙම නිවස‘ බඹරා' යන අන්වර්ථ නමින් හදුන්වන ප්‍රදේශයේ ගංජා ඡාවාරම්කරුවෙක්  අයත් බව පොලිසිය පවසයි.

නොම්මර 12 උණ්ඩ යොදන ගල්කටස් වර්ගයේ ගිණිඅවි දෙකක් යොදාගෙන මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිසිය පවසයි .

වෙඩි ප්‍රහාරයෙන් නිවසේ කිසිවෙකුට හානි සිදුවී නැත .නිවසේ කණුවකට සහ නවතා තිබූ ලොරි රථයකට වෙඩි වැදී ඇතැයි පොලිසිය පවසයි .  මිද්දෙනිය පොලිසිය සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වයි .