(ශාන්ත චන්ද්‍රසිරි)
තලවකැලේ, ලිඳුල, ෆර්හෑම් වත්තේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීමෙන් සිව් දෙනකු ප්‍රතිකාර සඳහා ලිඳුල ප්‍රාදේශීය රෝහලට අද (27) ඇතුලත්කර තිබේ.
වත්තේ ගසක බැද තිබු බඹර කූඩුවක් කැඩී එහි සිටි බඹරුන් ඇවිස්සී මෙම පිරිසට දෂ්ඨ කොට ඇති බව වතු නිලධාරීහු පවසති.
තිදෙනකු රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත්, එක් අයකු බාහිර රෝගි අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇතැයි මේ පිළිබඳව කරන ලද විමසීමේදී ලිඳුල ප්‍රාදේශීය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ඒ. ජේයරාජන් මහතා පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd