
(ශාන්ත චන්ද්‍රසිරි )
තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්‍රාදේශීය රෝහලට අද (03) ඇතුලත් කොට තිබේ.
වත්තේ ගසක බැද තිබු බඹර කූඩුවක් කැඩී එහි සිටි බඹරුන් ඇවිස්සී තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසකට මෙසේ දෂ්ඨ කොට ඇති බවත්, ඔවුන් කඩිනමින් රෝහල් ගත කිරීමට පියවර අවශ්‍ය පියවර ගත් බව වතු නිලධාරීහු පවසති.
බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් රෝහලට ඇතුලත් කරන ලද පිරිසෙන් 11ක් ප්‍රතිකාර ලබා පිටව ගිය බවත්, තවත් තුවාලකරුවන් හතර දෙනෙකු තව දුරටත් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවන බව ආගරපතන ප්‍රාදේශීය රෝහලේ ප්‍රකාශකයෙකු පැවැසීය.
2025 දෙසැම්බර් මස 30
16
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
333
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බඹරු ඇන 15කට තුවාල