
( තිලකරත්න දිසානායක සහ ආනන්ද ජයකොඩි,ටෝනි කරුණානායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ බැස්ටියන් මාවතේ දී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු බව කියන පාතාල සාමාජිකයකු ගම්පහ බෙම්මුල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමකින් මියගොස් ඇති බව පොලිසිය පවසයි.
මෙසේ මියගොස්ටි ඇත්තේ ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඉහළ විතානගේ ජෝශප් කුමාර නමැති 41 හැවිරිදි අයෙකු මිය ගොස් ඇති බවද පොලීසිය සදහන් කරයි.
මියගිය වෙඩිකරු ගම්පහ ප්‍රදේශයේ සිටින බවට කොළඹ අපරාධ කොට්ඨාශයට ලද තොරතුරක් අනුව අද අළුයම එම ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමේදී සැකකරු යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී පොලිසියට හමුවී ඇති අතර ඒ සමඟම සැකකරු සඟවාගෙන සිටි ටී 56 ගිනි අවියෙන් පොලිසිය ගමන්ගත් ගමන් ගත් වෑන් රථයට වෙඩි තබා ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවැසීය.
පෙරළා පොලීසිය සිදුකළ ප්‍රහාරයේදී සැකකරු බරපතළ තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් බවත් සැකකරු කළ වෙඩි තැබීමෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ගමන් ගත් වෑන් රථයට අලාභ සිදු වී ඇති බවත් පොලිසිය කීය.
(ඡායා තිලකරත්න දිසානායක)


(ඡායාරූප බිමල් ශ්‍යාමන් ජයසිංහ)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd