(***නිමන්ති රණසිංහ)
ප්‍රහාරයට දින දෙකකට පෙර සහ්රාන් හෂීම් ඇතුළු බෝම්බකරුවන් තිදෙනකු ඔවුන්ගේ පවුල් පිටින් කොළඹට පැමිණ කොල්ලුපිටිය ලකී ප්ලාසා ගොඩනැගිල්ලේ පිහිටි ආරක්ෂිත නිවස්නයේ එක්රැස්වී සාකච්ඡා කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නීතිඥ සමන් වීරසිංහ මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධ විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඊයේ (04) පැවසීය.
මඩකලපුව සියෝන් දේවස්ථානයේ ස්වයංඝාතකයා වූ මොහොමඩ් නසාර් මොහොමඩ් අසාද් නමැත්තා සහ ඔහුගේ බිරිඳ වන අබ්දුල් රහීම් ෆෙරෝසා නමැත්තිය ද සමග 2019 අප්‍රේල් මස 19 දින අලුයම වෑන්රියකින් කොල්ලුපිටිය ලකී ප්ලාසා ගොඩනැගිල්ලේ ආරක්ෂිත නිවස්නයට පැමිණ ඇති බවත්, එම නිවසේ සහ්රාන් හෂීම්, ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා, කටුවාපිටිය දේවස්ථානයේ ස්වයංඝාතක අහමදු මොහොමදු හස්තුන්, බිරිඳ සහාරා, ඇතුළු පිරිසක් සිට ඇති බවත් සාක්ෂිකරු සඳහන් කළේය.
පසුව එදින දහවල් ආහාරය ගැනීමෙන් පසුව වෑන් රථයට ගොඩවූ සියලුදෙනාම පානදුර පිහිටි ආරක්ෂිත නිවස්නය වෙත ගොස් ඇති බවත්, එහිදී සහ්රාන් හෂීම්, මොහොම්මදු හස්තුන් සහ මොහොමඩ් අසාද් යන අය එම නිවසේ රැඳී සිටියදී අනෙක් පිරිස සමග සහ්රාන්ගේ සහෝදරයා වූ රිල්වාන් නමැත්තා ද අම්පාර සයින්දමරුදු වෙත පිටත්ව ගොස් සිටි බව සාක්ෂිකරු සිය සාක්ෂියෙන් ඉදිරිපත් කළේය.
පාස්කු ඉරිදා ප්‍රහාරයේදී සයින්දමරුදු ප්‍රදේශයේ දී බෝම්බ පුපුරුවා ගැනීමෙන් පසුව මෙම පිරිස් ජීවතක්ෂයට පත්ව ඇතැයි ඩී එන් ඒ මගින් තහවුරු වී ඇති බවද සාක්ෂිකරු ප්‍රකාශ කළේය.
එසේම, මඩකලපුව සියෝන් දේවස්ථානයේ ස්වයංඝාතකයා වූ මොහොමඩ් නසාර් මොහොමඩ් අසාද් නමැත්තාට පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර දින මඩකලපුව වෙත යෑමට සුඛෝපභෝගී බස් රථයක ආසනයක් වෙන් කර දී ඇත්තේ කොච්චිකඩේ දේවස්ථානයේ ස්වංඝාතකයා වූ අලව්දීන් අහමද් මුවාත් නමැත්තා බවද ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළේය.
මඩකලපුව සියෝන් දේවස්ථානයේ බෝම්බ පිපිරීමෙන් පසු එම ස්ථානයේ තිබී ජංගම දුරකතන කොටස් කිහිපයක් හමුවූ බවත් ඒවායේ එමි අංක භාවිතයෙන් ලබාගත් දුරකතන විශ්ලේෂණ වාර්තාවලට අනුව එය බෝම්බකරු භාවිත කළ ජංගම දුරකථනය බවට හඳුනාගත් බවත් සාක්ෂිකරු පැවසීය.
මෙම විශ්ලේෂණ වාර්තාවලට අනුව තොරතුරු රාශියක් අනාවරණය වී ඇති බවත් පාස්කු ඉරුදින ප්‍රහාරයේදී ස්ථාන අටක බෝම්බ පුපුරවා හැරීම සඳහා මෙම බෝම්බකරුවන් සියලුදෙනාම එකින් එකට සම්බන්ධ වී ඇති බවට ද තහවුරු වන බවත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සාක්ෂි දෙමින් ප්‍රකාශ කළේය.
විශේෂයෙන්ම මෙම බෝම්බකරුවන් ජංගම දුරකතන සිම්කාඩ්පත් භාවිත කිරීමට ලබාගැනීම සඳහා පුද්ගලයන් පිරිසකගේ ජාතික හැඳුනුම්පත්වල ඡායාස්ථ පිටපත් විශාල ප්‍රමාණයක් ඔවුන්ගේ පරිගණකවල තිබී සොයාගත් බවද ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සාක්ෂි දෙමින් පැවසීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ඇහෙන, දකින වාරයක් ගානේ හිතෙන්නෙම මේ ගැන දැනදැනම නිසි පියවර නොගත් අමන පාලකයින්ට සාපවේවා කියලයි.
යහපාලනයත්, ලිච්ඡවි රාජ්‍යයත් මෙයට වගකිව යුතුයි. ඇතැම් විට නීතියෙන් මග හැරිය හැක. ඒත්..... හෘද සාක්ශිය විලාප දෙනු ඇත. නුඹට හොඳ පාඩමක් දෙන්නන් මෙන් ඔවුන් එකිනෙකා රට බිල්ලට දී මග හැර ගියෝය.
ආරක්ෂක ඇමතිකම නිසිලෙස ඉටු නොකළ මෛත්‍රිපාල සිරිසේන, ආරක්ෂක ලේකම්, පොලිස්පති ඇතුළු පිරිස මේකට අනිවාර්යයෙන් වගකියන්න ඕනේ නේද?
රටේ මුදල් කාබාසිනියා කරමින් මේ කාවද රවටන්නේ ? සිද්ධියේදී තම වගකීම පැහැර හැරි හිටපු සේනාධිනායක සිරිසේන නිදැල්ලේ. පොලීසිය එක මිනිසෙකු මැරූ වරදට ඇමරිකාවේ ජනපතිට වූ දේ කොහොමද ? ඒත්,සිරිසේන සුවසේ. මේ මෝසම් වලින් රටේ සල්ලි වනසා දමන්නේ නැතිව,රට නොමඟ නොයවා වගකිවයුතු කෙනා අත්අඩංගුවට ගන්න. ඊට නීතිය නැතිනම්, සියලු පක්ෂ සහාය ගෙන නීති සංශෝධනය කරන්න. සහරාන් කල්ලිය කළ මේ අපරාධෙට ජ්‍යාත්‍යන්තර කිතුණු,කතෝලික ජනතාව අන්ධව වලිගය බඩ අස්සේ සඟවාගෙන කුසීතව නින්දේ.තම ආගමිකයන් වෙනුවෙන් හඬක් නගා වැරදි කරුවන් නීතියේ රැහැනට ගේන්නට ඔවුන්ට ශක්තියක් නැහැ.