
(විමුක්ති එස් රුද්‍රිගු)
මීට වසර 16කට පෙර ජායිපූර් නගරය කම්පාවට පත් කළ බෝම්බ ප්‍රහාරමාලාවේ සංවත්සරය යෙදී තිබූ අද (13) දින විද්‍යුත් තැපෑල මගින් නගරයේ පාසල් 35 කට බෝම්බ අනතුරු ඇඟවීමක් ලැබීම හේතුවෙන් නගරයේ ආරක්ෂාව තර කිරීමට ජායිපූර් පොලිසිය කටයුතු කර ඇත.
නගරයේ ප්‍රසිද්ධ පාසල් ඇතුලුව පාසල් 35 ක විදුහල්පතිවරුන්ට පාසල් ගොඩනැගිල්ලක බෝම්බයක් අටවා ඇති බව දන්වමින් කිසියම් පුද්ගලයකු විද්‍යුත් ලිපියක් ඒවා තිබිණි.ඒ සමඟ එම පාසල්වල සිටි සිසුන් සියල්ලම පාසල් භූමිවලින් ඉවත් කිරීමට ඒ ඒ පාසල්වල කාර්ය මණ්ඩලය කටයුතු කළේය.වහාම ක්‍රියාත්මක වූ පොලිසිය සහ බෝම්බ නිෂ්ක්‍රීය අංශ අනතුරු ඇඟවීම ලැබුණු පාසල්වලට පැමිණ සෝදිසි කිරීම් කළත් අටවා තිබූ කිසිඳු බෝම්බයක් සොයා ගැනීමට නොහැකි වී ඇති බව ජායිපූර් පොලිසිය පැවැසුවේය.
එම විද්‍යුත් ලිපි එවූ පුද්ගලයා සොයා විමර්ශන ආරම්භ කර ඇති බවත් පාසල්වලට පමණක් නොව ඊයේ (12) දිනයේදී ජායිපූර් නගරයේ ගුවන් තොටුපොළ ඇතුළුව ස්ථාන රැසකට බෝම්බ අනතුරු ඇඟවීම් ලැබුණු බවත් ජායිපූර් පොලිසිය ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
477
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බෝම්බ බියකින් ජායිපූර් පාසල් 35ක් වැසෙයි