
(තිලකරත්න දිසානායක)
ගම්පහ, කෙටවල අමුණෙහි දිය නෑමට ගිය පාසල් සිසුන් පිරිසක් අතුරින් 16 හැවිරිදි සිසුවකු දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ කළගෙඩිහේන, මංගලතිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි දරුවෙකි.
කොළඹ ප්‍රධාන පෙළේ පාසල් කිහිපයක 11 වසරෙහි ඉගෙනුම ලබන ගම්පහ අවට ප්‍රදේශයන්හි පදිංචි සිසුන් දස දෙනකු අද (14) පෙරවරුවේ ගම්පහ, කෙටවල අරමුණ අසලට ගොස් ඇති බවත් ඉන් දෙදෙනකු ජලයට වැටීමෙන් පසුව අයකු බේරා ගැනීම හැකි වූවද අනෙක් සිසුවා ගැනීමට නොහැකිවීමෙන් අතුරුදහන්ව ඇති බවට අනාවරණයවී ඇති බවත් පොලීසිය පවසයි.
මොවුන් පිරිස පාසල් යන බව පවසා නිවෙස්වලින් පැමිණ ඇති බව අනාවරණයවී ඇති අතර මෙම සිසුන් පිරිස ගම්පහ පොලීසියට රැගෙන ආ අවස්ථාවේ කිහිපය දෙනෙකු අධික ලෙස බීමතින් සිටීම හේතුවෙන් ගම්පහ රෝහලට ඇතුලත් කිරීමට පියවර ගත් බවත් පොලීසිය කියයි.
අධික ලෙස බීමතින් සිටීම මත සිසුන් සිව් දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබාදීම පිනිස ඇතුලත් කොට සිටි අතර ඔවුන් අද සවස 4 පමණ වන තුරුත් නිවෙස් කරා යැවීමට නොහැකිවූ බව ගම්පහ රෝහලෙන් කළ විමසිමේදී දැනගත හැකි විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd