(ගයාන් සූරියආරච්චි)
බීමතින් රිය පැදවූ බව කියන ප්‍රධාන පෙළේ රගර් පුහුණුකරුවකු කොහුවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැරි බව කොහුවල පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයා කොළඹ ප්‍රදේශයේ සාදයකට සහභාගිවී කොහුවල ප්‍රදේශයේ සිය නිවෙස බලා ජිප් රථයෙන් ගමන් කිරීමේදී කොහුවල ප්‍රදේශයේදී කොහුවල පොලිසියේ රථවාහන අංශය මගින් ජීප් රථය නවතා රියැදුරු බලපත්‍රය සහ ආදායම් බලපත්‍ර පරීක්ෂා කිරීමේදී සැකකරු බීමතින් සිට ඇතැයි පොලිසිය පවසයි.
සැකකරු බීමතින් සිටින්නේදැයි සොයාබැලීම සදහා ඇල්කොලයිසර් පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව ඔහු බීමතින් සිටි බව තහවුරු වූ පසුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
පසුව සැකකරු පොලිස් ඇපයක් මත මුදා හැර ඇතැයි පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
10
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බීමතින් රියැදුරු අසුනේ වාඩි වූ රගර් පුහුණුකරුට ඇප