(ගයාන් සූරියආරච්චි)
බීමතින් මෝටර් රථයක් පදවා කැලණිය තොරණ හන්දිය ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් හප්පා පලා ගිය රියැදුරු ඇතුළු 4 දෙනකු වත්තල හේකිත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ මූලස්ථාන පොලිසිය පවසයි.
රියැදුරු ඇතුළු මිතුරන් සිවු දෙනා මංගල උත්සවයකට සහභාගිවී බීමතින් නිවෙස බලා ගමන් කර ඇති අතර කොළඹ - නුවරපාරේ තොරණ හන්දිය ප්‍රදේශයේදී යතුරු පැදි දෙකක් හප්පා පලා ගොස් තිබූ බව පොලිසිය පවසයි.
පසුව පලා ගිය මෝටර් රථය වත්තල හේකිත්ත ප්‍රදේශයේදී පොලිසිය අත්අඩංගුවට ගත් අවස්ථාවේදී රියැදුරු ඇතුළු මෝටර් රථයේ සිටි සිවු දෙනාම බීමතින් සිටි බව පොලිසිය කියයි.
එම අනතුරින් යතුරුපැදියක ගමන් කළ කාන්තාවක තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd