IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


බීමත් රියැදුරෙක් වෙනුවෙන් නිළධාරියට පන්දහක ත්‍යාගයක්

(ගයාන් සූරියආරච්චි )

බීමත් රියදුරෙකු අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරියාට රුපියල් 5000ක ත්‍යාගයක් හිමිවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස්පති නිහාල් තල්දූව මහතා අද 12 පැවසීය.

බීමත් රියදුරෙකු අත්අඩංගුවට ගැනීම සඳහා වාහන රාශියක් පරීක්ෂා කිරීමට සිදුවන බවත් ඒ සඳහා රාජකාරියේ නියැලෙන නිලධාරියා උනන්දු කරවීම සඳහා එම ත්‍යාගය ලබාදෙන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

අවුරුදු සමයේ බීමතින් රිය පදවන රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් පැය විසි හතර පුරා යොදවා ඇති බවත් විශේෂ යතුරුපැදි කණ්ඩායම්ද යොදවා ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

අධික වේගයෙන් රිය පැදවීම, මං තීරු නීති උල්ලංඝනය කරමින් රිය පැදවීම හා මාර්ග තදබද ඇති අවස්ථාවල අපරික්ෂාකාරී ලෙස රිය පදවන රියදුරන්ට නීතිය තදින් ක්‍රියාත්මක කරන බවද නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පැවසීය.

 



අදහස් (7)

බීමත් රියැදුරෙක් වෙනුවෙන් නිළධාරියට පන්දහක ත්‍යාගයක්

Prabha Friday, 12 April 2024 05:05 PM

එහෙනම් අපි 10000 දීලා බේරෙමු...

:       0       0

අරවින්ද මොනරවිල Friday, 12 April 2024 05:27 PM

හදාරන්න දුන්නාම වැඩේ ගොඩ, තල්දූවලට හුළං තමයි.

:       1       0

රිතික් Friday, 12 April 2024 05:51 PM

අතඇරියොත් අපි දෙනවා දහදාහක්...

:       0       0

ලලිත් අම්බලන්ගොඩ Friday, 12 April 2024 06:43 PM

ඉතා හොඳ තීරණයක්. අගය කළ යුතුයි.

:       0       0

අම්බලන්ගොඩ ලලිත් Friday, 12 April 2024 06:45 PM

බීමතින් රියක් පදවා අසුවුවහොත් එදින සිට රියැදුරන් බලපත අහෝසි කරන්න. ඒක සමාජයට කරන විශාල සේවයක්... ඒ වගේම නැවත රියදුරු බලපත්‍රය ලබා නොදිය යුතුයි...!

:       0       0

බද්රානි Friday, 12 April 2024 09:29 PM

දැන් ඉතින් රුපියල් පන්දාහකට වඩා වැඩි ගාණක් පොලිසියට පගාව දෙන්න වෙයි. කොහොම වුණත් පොලිස් රාලහාමිලාට නම් අවුරුදු සරුවට තියෙයි..

:       0       0

නිහාල් Saturday, 13 April 2024 06:39 PM

රියැදුරන් ලුහුබැඳ ඇවිත් වෙඩි තිබ්බාම කීයක් දෙනවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 386 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site