(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
බීමත් රියැදුරකු අධික වේගයෙන් පැදවූ මෝටර් රථයක් මාර්ගයේ ගමන් ගත් පදිකයින් දෙදෙනෙකුගේ ,හා කැබ් රථයක , ත්‍රීරෝද රථයක හප්පා සිදු කළ අනතුරින් එකොළොස් හැවිරිදි පාසල් සිසුවකු මියගොස් තවත් දෙදෙනකු ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව මීගොඩ පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ මීගොඩ හෙට්ටියාවත්ත , 6 වන පටුමග , අංක 412 / 06 හි පදිංචි විනිදු සත්සර නමැති එකොළොස් හැවිරිදි පාසල් සිසුවකු බව පොලීසිය කියයි.
හයිලෙවල් මාර්ගය ඔස්සේ අවිස්සාවේල්ල දෙස සිට ඊයේ (26) රාත්‍රී 10 ට පමණ කොළඹ දෙසට අධික වේගයෙන් බීමත් රියැදුරකු පැදවූ මෝටර් රථයක් මීගොඩ 20 කණුව ආසන්නයේදී මාර්ගයේ ගමන් ගත් මවක (57) සහ ඇයගේ පුත්‍රයෙකුගේ (18) සිරුරේ ගැටි අනතුරක් සිදුව තිබූණි.
එහෙත් අනතුරෙන් පසුව මෝටර් රථය නොනවත්වා මීටර් 500 පමණ ඉදිරියට ධාවනය කරද්දී කොළඹ දෙස සිට අවිස්සාවේල්ල දෙසට විරුද්ධ මන්තීරුව ඔස්සේ අවිස්සාවේල්ල දෙසට ධාවනය වෙමින් තිබූ කැබ් රථයක ගැටී ඒ අසල නවතා තිබූ ත්‍රීරෝද රථයක ගැටී අනතුරු දෙකක් සිදුව තිබුණි .
අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ රියදුරු ( 56) හා ඔහුගේ පුත්‍රයා සහ තවත් පුද්ගලයකු ප්‍රතිකාර සඳහා කඩිනමින් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී එකොළොස් හැවිරිදි පාසල් සිසුවා මෙසේ මියගොස් ඇති බව පොලිසිය පවසයි.
සිද්ධියෙන් අනතුරුව අනතුර සිදු කළ නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචි (54) හැවිරිදි මෝටර් රථ රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ඔහු අධික ලෙස බීමතින් සිට ඇති බවට අනාවරණය වී තිබේ.
අනතුරින් ත්‍රිරෝද රථයට හා මෝටර් රථයට බරපතළ හානි සිදුව ඇති අතර ප්‍රතිකාර ලබන අනිත් දෙදෙනාගේ තත්ත්වය සාමාන්‍ය බව පොලිසිය කියයි .
අනතුරට හේතුව නොසැලකිලිමත් හා අපරික්ෂාකාරී රිය ධාවනය බව පොලීසිය කියයි. ඒ අනුව මියගිය පාසල් සිසුවාගේ මෘත දේහය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු චින්තක උදයකුමාර මහතා විසින් (27) දා සිදුකිරීමට නියමිතව තිබුණි .
අත්අඩංගුවට ගත් මෝටර් රථ රියදුරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
50 පැනලත් සංයමයක්, විනයක්, හැදියාවක්, සදාචාරයක් නැති කාලකන්නි නොසන්ඩාලයෙක්. මිනීමරු චෝදනා යටතේ මූට උපරිම දඬුවම් දෙන්න.
මූසලයාව මරන්න ඕනේ .නඩු එපා .අමන බල්ලා .කොච්චර පව් ද මේ ළමයා
අසාදු ලෙකන ගතකොට රියදුරු බලපත්‍ර ලබා ගෙනෙඑමට හෝ රිය පැදවීමට නුසුදුස්සෙකු ලෙස ලෙඛන ගත කල යුතුයි ඇගිලි සලකුනුත් සමග.