(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
කොළඹ අපරාධ වාර්තා කොට්ඨාශයට අනුයුක්තව සේවයේ නිරත පොලිස් සැරයන්වරයකු බීමතින් පැද වූ වෑන් රථයක් ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක ගැටී එහි ගමන් ගත් අවුරුදු එක හමාරක දියණියක ඇතුළු සිවු දෙනකු තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව මීගොඩ පොලීසිය පවසයි.
අනතුරින් පසුව තුවාල ලැබූ පියා සහ අවුරුදු 8 දියණිය ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති අතර බරපතළ තුවාල ලැබූ වයස අවුරුදු එක හමාරක දියණිය සහ මව නේවාසිකව රෝහලේ ප්‍රතිකාර ලබයි.
ඉන් අවුරුදු එක හමාරක දියණියගේ හිසට මැහුම් අටක් යොදා ඇතැයි ද පැවසේ.
මව පියා සහ දියණියන් දෙදෙනා අවුරුදු උදාවට අවශ්‍ය ඇඳුම් පැළඳුම් සහ ආහාර පාන රැගෙන මෝටර් රථයෙන් නිවසට යමින් සිටියදී මීගොඩ ආටිගල පාරේ බෝගහ අසල දී ඉදිරියෙන් පැමිණි වෑන් රථයක් එක්වරම මාර්ගයෙන් ඉවතට පැන විරුද්ධ මං මංතීරුවේ ධාවනය වෙමින් තිබූ මෙම මෝටර් රථයේ ගැටී අනතුර සිදුව තිබේ.
අනතුර සිදු කළ වෑන් රථය පැදවූ රියදුරු මත්පැන් සාදයකට සහභාගී වී නැවත එමින් සිටි කොළඹ අපරාධ වාර්තා කොට්ඨාශය ට අනුව සේවයේ නිරත පොලිස් සැරයන්වරයෙකු බවට හඳුනාගෙන ඇතැයි පොලිසිය කියයි.
අනතුරින් සැකකරූටද තුවාල සිදුව ඇති අතර පොලිස් අත්අඩංගුවට යටතේ ඔහුද හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම පොලිසියට මොකක්ද වෙලා තියෙන්නෙ කියලා හිතාගන්න බැහැ බොහෝ අපරාධයක් සදහාම පොලිසිය යම් පමණකින් සම්බන්ධ වෙනවා සාමය රකින්න සිටින නිළධාරින් මෙහෙම නම් සාමාන්‍ය මිනිසුන්ට කාගේ පිහිටක්ද?
රැකියාවටත් අගෞරවයක්, රියදුරු බලපත්‍රය තහනම් කල යුතුයි.
මරු පොලීසිය. රෑදවල් නැතිව සාමාන්‍ය ජනතාවට බීමතින් වාහන එළවන්න එපා කියනවා. ඒ වුණාට පොලීසියේ උදවිය බීමතින් වාහන එළවලා අනතුරු කරනවා.
අනිවාර්යයෙන්ම පොලිස් සේවයන් නෙරපා හැර හිරේ දමන්න ඕනි. නීති ආරක්ෂා කරන පුද්ගලයෝ නීති කඩන එක විශාල ප්‍රශ්නයක්.
"ධම්මො හවෙ රක්ඛති ධම්ම චාරී"
නැහැ පොඩි නම් මේ පොලිස් ගොයියා වෙරිමතින් රිය චාරිකරලා...