(ඉන්දිකා රාමනායක)

ජාත්‍යන්තරව පිළිගත් මානුෂීය බිම් බෝම්බ ඉවත් කිරීමේ පාඨමාලාව හැදෑරූ 54 දෙනෙකුගෙන් යුත් පළමු කාන්තා කණ්ඩායමට පසුගියදා කණ්ඩායමට යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා අතින් යුද හමුදා මූලස්ථානයේ දී ප්‍රවීණතා සහතික හිමිකර ගත් බව යුද හමුදාව පවසයි.

මෙම 54  දෙනා අතරට  කාන්තා නිලධාරිනියන් 3 දෙනෙකු සහ සෙබළියන් 51 දෙනෙකු ඇතුළත් වෙති.

මෙම යුද හමුදා කාන්තා බිම්බෝම්බ ඉවත් කරන්නන් කණ්ඩායම රට තුළ මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා අනුයුක්ත කරනු ඇති අතර එමඟින් ලබා ගන්නා අත්දැකීම් සමඟ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි යටතේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා අවස්ථාව ලබා ගත හැකි බව යුද හමුදා මාධ්‍ය සඳහන් කරයි.