(සුමතිපාල දීයගහගේ)
බටපොල බොරලුවාතොට නින්දාන පිහිටි බාබර් සාප්පුවක් තුළදී කතුරකින් ඇන පුද්ගලයකු මරා දමා ඇතැයි බටපොල පොලිසිය පවසයි.
නින්දාන ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයකු කොණ්ඩය කප්පවා ගැනීමට බාබර් සාප්පුවකට පැමිණ සිටියදී එතනට කඩා වැදුණු බීමත් පුද්ගලයකු එම තරුණයාට කතුරකින් ඇන බරපතල තුවාල සිදු කර පලා ගොස් තිබේ.
තුවාලකරු කරාපිටිය ශීක්ෂණ රෝහලට ඇතුළු කළ පසු මිය ගොස් ඇත. මෙම මිනීමැරුම කළ සැකකරු හඳුනා ගෙන ඇති අතර මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇත.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා බටපොල පොලිසිය පරික්ෂණ පවත්වයි.
මිය ගිය තරුණයාගේ මරණ පරීක්ෂණය අද (3) කරාපිටිය ශීක්ෂණ රෝහලේ දී පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd