
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
පෞද්ගලික මගී බස් රථයක් ගලේවෙල ප්‍රදේශයේ හෝටලයක් අසල නතර කර රියැදුරා සහ කොන්දොස්තරවරයා ඇතුළු මගීන් පිරිසක් ආහාර ගැනීම සඳහා ගොස් සිටියදී බීමතින් සිටි පිටස්තරයකු බස් රථය පණ ගන්වාගෙන ඉබ්බන්කටුව සුසාන භූමිය අසල අතහැර දමා පලා ගොස් ඇතැයි දඹුල්ල මූලස්ථාන පොලිසිය පවසයි.
පිටස්තර පුද්ගලයකු බස් රථයට ගොඩ වී එය පණ ගන්වා ගෙන ධාවනය කරගෙන යද්දී එහි සිටි සෙසු මගීන් බියට පත් වී මර ලතෝනි දී ඇතැයි ද වාර්තාවේ.
කොළඹ සහ ත්‍රිකුණාමලය මුතූර් අතර ධාවනය වන මෙම පෞද්ගලික මගී බස් රථය මුතූර් බලා ධාවනය වන අතරවාරයේ පෙරේදා රාත්‍රි නමයට පමණ පහළ වැව හෝටලය අසල ආහාර ගැනීම සඳහා නතර කර ඇත.
රියැදුරා කොන්දොස්තරවරයා ඇතුළු බස් රථයේ සිටි මගීන්ගෙන් කොටසක් තේ පානය කිරීම සඳහා හෝටලයට ගොස් ඇතැයි පොලිසිය කියයි.
ඒ අවස්ථාවේ ඉබ්බන්කටුව ප්‍රදේශයේ පුද්ගලයකු හෝටලය අසලදී රියැදුරා සහ කොන්දොස්තරවරයා සමග ආරවුලක් ඇතිකරගෙන ඇතැයි පැවැසේ.
බීමතින් සිටි බව කියන මොහු හෝටලයෙන් පිටවී බස් රථයට ගොඩ වී එහි තිබූ යතුරෙන් බස් රථය පණ ගන්වාගෙන මගීන් ද සමග බස් රථය පැහැරගෙන පලා ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.
මේ බව දුටු බස් රථයේ කොන්දොස්තරවරයා සහ රියදුරා ත්‍රී රෝද රථයක ගොඩවී බලහත්කාරයෙන් රැගෙන යන බස් රථය හඹා යන අවස්ථාවේ ඉබ්බන්කටුව සුසාන භූමිය අසල බස් රථය නතර කර පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.
ඒ වනවිටත් බස් රථය කිලෝමීටර් හතරකට වැඩි දුරක් ධාවනය කරගෙන පැමිණ ඇති බව පොලිසිය පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යතුරු වාහන තුළ තබා යන රියදුරන්ට නීතිය ක්‍රියාත්මක කිරීම වැදගත්. හිමිකරුට සිදුවන අගතියට රියදුරන් වගකියන්න ඕනැ. තමන් හම්බ කරගෙන ජීවත්වන වාහනය ගැන රියදුරන් සහ කොන්දොස්තර වරු සළකන විදිය කණගාටුදායකයි. මේක තමා ලංකාවට ගොඩ එන්න බැරි එක හේතුවක්.වෘත්තීය ගරුත්වය නෑ.
යතුරු කටේ හරි යතුර තිබ්බ එක ගැන සතුටු වෙන්න. ලංකාවේ සමහර මගී ප්‍රවාහන බස් ස්ටාට් කරන්නෙ වයර් දෙක මූට්ටු කරලා
මෝඩ නිද්‍රාශීලි සහ විනයක් නැති රියදුරන් නිසා බොහෝ මගීන් හැම දිනකම අපහසුතාවන්ට පත්වෙනවා
පාදඩ මිනීමරු කම්බ හොරු වන බේබද්දන් අපේ මව් බිමෙන් මකබෑවේවා.
මෝඩ මිනිස්සුත් ඉන්නවා. හොඳ අයත් ඉන්නවා.