IMG-LOGO

2024 මැයි මස 07 වන අඟහරුවාදා


බේබි ෂෙරමි සිය 60 වැනි සංවත්සරය සමරයි

හේමාස් මැනුෆැක්චරින් සමාගම මෙරට වෙළෙඳපොළට හඳුන්වා දෙන ලද සන්නාමයක් වන බේබි ෂෙරමි විසින් සිය 60වැනි සංවත්සරය පසුගිය දා සමරන ලදී.

දශක හයක ගමන් මඟ තුළ ඕඩි කොලොන්ග් නිෂ්පාදනයේ සිට ඉතා පුළුල් පරාසයක ආරක්ෂිත හා මෘදු ළදරු නිෂ්පාදන රැසක් මෙරට වෙළෙඳපොළ වෙත ගෙන එන දේශීය සන්නාමයක් වන බේබි ෂෙරමි, සිය නිෂ්පාදන මාලදිවයින, කැනඩාව, ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවකට අපනයනය කරයි.

හේමාස් මැනුෆැක්චරින් සමාගම  1962 වසරේ දී මුලින්ම මෙරට වෙළෙඳපොළ වෙත හඳුන්වා දුන් ළදරු නිෂ්පාදනය ලෙස බේබි ෂෙරමි ඕඩි කොලොන්ග් නිෂ්පාදනය හඳුන්වා දිය හැක. බේබි ෂෙරමි ඕඩි කොලොන්ග් සමඟින් ගමන් ඇරඹූ  බේබි ෂෙරමි සන්නාමය වර්තමානය වන විට ළදරු සබන්, ක්‍රීම් සහ ලෝෂන්,  ළදරු සනීපාරක්ෂක උපාංග ඇතුළු පුළුල් නිෂ්පාදන පරාසයක් තුළ විහිදී ඇත. 

බේබි ෂෙරමි විසින් මෑතක දී නිකුත් කරන ලද ළදරු සබන්, ළදරු ලෝෂන් සහ ළදරු කොලොන්ග් සහිත ශාකසාර නිෂ්පාදන පෙළ සියයට සියයක් ‘ස්වාභාවික අමුද්‍රව්‍ය‘ යොදා නිෂ්පාදනය කරන බව ද එම සමාගම සඳහන් කරයි.

බේබි ෂෙරමි සන්නාමයේ ගමන් මඟ පිළිබඳව අදහස් දක්වමින් හේමාස් හෝල්ඩින්ග්ස් සමාගමේ සභාපති හුසේන් එසුෆලි මහතා මෙසේ පැවැසීය. ”‍ආදරය සහ විශ්වාසය වටා ගොඩ නැගුණු උරුමය සමඟින් බේබි ෂෙරමි  60වැනි සංවත්සරය අපි සමරන්නේ මහත් ආඩම්බරයෙන්. ළදරු වියේදී මවුවරුන්ට තම දරුවන් රැකබලා ගැනීමට සහ ඔවුන්ගේ සුව පහසුව සැලසීම වෙනුවෙන්  උපකාර කිරීමේ දැක්මකින් යුතුව අපගේ ගමන ආරම්භ වුණා. අද අපි ආපසු හැරී බලන විට, ඔවුන්ට උසස් තත්ත්වයේ නිෂ්පාදන ලබා දීමෙන් පමණක් නොව, මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනයේ වැදගත්කම පිළිබඳව පරම්පරාවෙන් පරම්පරාවට ශ්‍රී ලාංකේය මවුවරුන් දැනුවත් කිරීම සඳහා අපගේ සන්නාමය ලබා දී තිබෙන දායකත්වයෙන් අපගේ අරමුණ සැබෑවක් බවට පත්ව  තිබීම ගැන මම ආඩම්බර වෙනවා. වසර ගණනාවක් පුරා මවුවරුන්ගේ විශ්වාසය සහ හොඳ හිත දිනා ගනිමින් අපගේ නිෂ්පාදනවල ආරක්ෂාව සහ තත්ත්ව ප්‍රමිතීන් වැඩිදියුණු කිරීම සඳහා සන්නාමය අඛණ්ඩව නව්‍යකරණය සිදු කර තිබෙනවා.

මේ පිළිබඳව අදහස් දක්වමින් හේමාස් මැනුෆැක්චරින් හි වැඩ බලන කළමනාකාර අධ්‍යක්ෂිකා සබ්‍රිනා එසුෆලි මහත්මිය මෙසේ පැවැසුවාය. “බේබි ෂෙරමි සන්නාමය ශ්‍රී ලංකාවේ පරම්පරා ගණනාවක  දෙමාපියන්ගේ ආදරයේ සංකේතයක්. දිනෙන් දින වර්ධනය වන අපගේ නිෂ්පාදනවල ගුණාත්මක භාවය,  පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා අප තුළ පවතින ශක්තිය පෙන්නුම් කරනවා. අපි බේබි ෂෙරමි  සන්නාමයේ මීළඟ පියවර දියත් කිරීම සඳහා සූදානමින් සිටිනවා. ඒ වගේ ම බේබි ෂෙරමි  මේ රටේ දෙමාපියන් සමඟ ශක්තිමත්ව බැඳෙමින් ළදරුවන් සඳහා ආරක්ෂිත ලෝකයක් ගොඩ නැංවීම වෙනුවෙන් අඛණ්ඩව කැප වෙනවා.”‍

සන්නාමයන්හි විශිෂ්ටත්වය ඇගයීම හා උපාය මාර්ග සැකසීම සම්බන්ධව කීර්තිමත් සමීක්ෂණ ආයතනයක් වන Brand Finance Lanka විසින් නිකුත් කරන ලද LMD හි 2020 හා 2021 වාර්ෂික සන්නාම ශ්‍රේණිගත කිරීම මගින් බේබි ෂෙරමි සන්නාමය අඛණ්ඩව වසර 2ක් මෙරට ළදරු සත්කාර නිෂ්පාදන අංශයේ වඩාත් ම ආදරය දිනූ සන්නාමය ලෙස නම් කෙරුණු අතර, එමගින් බේබි ෂෙරමි  සන්නාමයේ විශිෂ්ටත්වය මනාව තහවුරු වෙයි.

595



අදහස් (0)

බේබි ෂෙරමි සිය 60 වැනි සංවත්සරය සමරයි

ඔබේ අදහස් එවන්න

දියත

සමාජ මාධ්‍යයෙන් අපහාස කළැයි යුද හමුදාපති අධිකරණයට යයි
2024 මැයි මස 07 187 0

අපහාසාත්මක හා අපකීර්තිමත් වීඩියෝවක් නිර්මාණයකර සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කළ තිදෙනකුට එරෙහිව යුධ හමුදාපති විකුම් ලියනගේ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍


ජාඇළ කම්හලක ගින්නක්
2024 මැයි මස 07 63 0

ජාඇල ඒකල ප්‍රදේශයේ ඇලුමිනියම් ආශ්‍රිත නිෂ්පාදනා ආයතනයක ඇතිවූ හදිසි ගින්නක් හේතුවෙන් එම කම්හලට මහත් හානියක් සිදුවී ඇතැයි ජාඇළ පොලිසිය කියයි.


දයාසිරි - වලේබොඩ කී ප්‍රශ්නයක් විසඳන්න ජනපති මැදිහත් වෙයි
2024 මැයි මස 07 902 0

රුසියාවේ සහ යුක්රේනයේ කඳවුරු වල රැකියා දෙන බව කියා එම රටවලට රැගෙන ගිය හිටපු හමුදා භටයන් හයසීයකට අධික පිරිසක් බලහත්කාරයෙන් යුද්ධයට යොමු කර ඇතැයි කුරු


පරාටේ තහනම් නීතිය සම්මතයි
2024 මැයි මස 07 748 0

ණය ගෙවීම ප්‍රමාද වන සහ පැහැර හරින පුද්ගලයන්ගේ දේපළ වෙන්දේසි කිරීමට බැංකු ඇතුළු මූල්‍ය ආයතන වලට බලය ලැබෙනපරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන ‘බැංකු මඟින්


ෆවුසිගේ පුතා අත්අඩංගුවට
2024 මැයි මස 07 109 0

පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ එච්. පවුසි මහතාගේ පුත්‍රයාව අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.


සි .අයි. ඩි බුද්ධි නිලධාරීන් යොදවා කළ සැලසුම අතේ පත්තුවෙයි
2024 මැයි මස 07 87 0

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්ගේ අවසරයකින් තොරව මහරගම පන්නිපිටිය දෙපානම ප්‍රදේශයේ රජයේ කොන්ත්‍රාත්කරුවකුගේ නිවසට ගොස් කොන්ත්‍රාත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 546 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1997 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1774 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site