
(සිතුම් චතුරංග )
මන්නාරම, සිලාවතුර පරප්පකණ්ඩාල් හි කජු සංස්ථාවට අයත් ගොවිපොලේ මුරකරුවකු එහි රාජකාරී කරමින් සිටියදී බඳින තුවක්කුවක් පත්තුවීමෙන් මියගොස් අැතැයි සිලාවතුර පොලිසිය කියයි.
රාජකාරී කරන අතරතුර කැළෑව සහිත ස්ථානයක් අාසන්නයෙන් ගමන් කිරීමේදී බඳින තුවක්කුවේ මරුවැල පෑගී ක්‍රියාත්මක වීමෙන් මුරකරු එලෙස මියගොස් අැතැයි ද පැවසීය.
එලෙස මියගොස් අැත්තෙ මන්නාරම උයිලන්කුලම, පරප්පකණ්ඩාල් පදිංචි සිවගුරුනාදන් නැමති 44 හැවිරිදි අයෙකි.
බඳින තුවක්කුව පත්තුවීමෙන් මුරකරු බරපතල තුවාල ලබා සිලාවතුර රෝහලට අැතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා මන්නාරම රෝහලට රැගෙන යමින් සිටියදී මියගොස් අැති බවයි.
බඳින තුවක්කුව අටවන ලද පුද්ගලයා මෙතෙක් අනාවරණය වී නොමැති බවත් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන බවත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
523
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බඳින තුවක්කුව පත්තුවී මුරකරු මරුට
Ruwan De Silva Monday, 17 June 2024 10:43 PM
දඩමස් හින්දා අටවන උගුල් වලට හව් වෙන්නේ අහිංසක මිනිස්සු. වෙන රටවල් වල නම් අවුරුදු 20-30 හිරේ ලංකාවේ නීතිය නමට විතරයි.