(ප්‍රසාද්  රුක්මල් ) 

ගිරාදුරුකෝට්ට අලුත්තරම ප්‍රදේශයේ වන රක්ෂිතයක  වනසතුන් දඩයම් කිරීම සදහා අටවා තිබූ බදින තුවක්කුවක් පත්තු වී බරපතළ තුවාල ලැබු පුද්ගලයකු මහියංගණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය බව ගිරාදුරුකෝට්ට පොලිසිය පවසයි .

ගිරාදුරුකෝට්ට අලුත්තරම ප්‍රදේශයේ පදිංචිව සිටි ඊබට්  සිල්වා (62) නැමත්තෙකු මෙසේ මියගිය බවද පොලිසිය පැවසීය .

මොහු රාත්‍රි කුඹුරට වතුර හැරවීමට යමින් සිටියදී  පාදයකට වෙඩිපහර වැදී ඇතැයි පොලිසිය සදහන් කළේය .

වනසතුන් ට  ගිනිඅවිය ඇටවූ බව කියන  48 හැවිරිදි පුද්ගලයකු  ගිරාදුරුකෝට්ට පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ .