(දයාරත්න ඇඹෝගම)
තම බඩ ඉරිගු හා කව්පි වගාව වන සතුන් ගෙන් බේරා ගැනිම සදහා අටවන ලද බදින තුවක්කුව ඔහුටම පත්තු විම නිසා එම පුද්ගලයා බරපතල තුවාල ලබා රෝහල් ගත කිරිමෙන් පසුව මියගිය බව ඇටවීරගොල්ලෑව පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ පාලික්ගම,ඇවීරගොල්ලෑව යන ලිපිනයේ පදිංචි රන්බණ්ඩාගේ එඩී දසනායක(45)නැමති දෙදරු පියෙකි.
මිය ගිය පුද්ගලයා විසින් ඉදිගහහේන ප්‍රදේශයේ තම හේනේ වගා කොට ඇති බඩ ඉරිගු හා කව්පි වගාව වන සතුන් ගෙන් බේරා ගැනිම සදහා අටවන ලද තුවක්කුව අතපසු විමකින් ඔහුටම පත්තුවි බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
පසුව ඔහු අසල්වාසින් විසින් කැබිතිගොල්ලෑව රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව එහිදි මිය ගොස් තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd