IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


බඳ ලොකු ගුවන් යානා හතරක් ලංකාවට

(අංජුල මහික වීරරත්න)

සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා මෙහෙයුම් කල්බදු යටතේ පුළුල් බඳ සහිත ගුවන් යානා හතරක් ලබා ගැනීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා පුළුල් බඳ සහිත ගුවන් යානා පහක අවශ්‍යතාවයෙන් ගුවන් යානා දෙකක් මෙහෙයුම් කල්බදු පදනම  යටතේ ලබා ගැනීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස 2024-3-18 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී ඇත.

තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව අතිරේක ගුවන් යානාවක් සහිතව පුළුල් බඳ සහිත ගුවන් යානා හතරක් මෙහෙයුම් කල්බදු යටතේ ලබා ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තු පිරිනැමීම පිණිස වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.



අදහස් (6)

බඳ ලොකු ගුවන් යානා හතරක් ලංකාවට

අරවින්ද මොනරවිල Tuesday, 02 April 2024 10:59 AM

සාගලගේ වාසනාව පිනට ලැබුණු වාසනාව !

:       8       13

Hafeel Tuesday, 02 April 2024 01:26 PM

එහම නම් අර නිදි ඇමතිට කොමිස් තමා.

:       7       16

Dewa Tuesday, 02 April 2024 01:51 PM

හාන්න එන්නේ යකා.හුට්ටිය ලොකුවටම ගෙනියන්න හදනවා වගේ

:       5       5

Ahmed (Gulf) Wednesday, 03 April 2024 01:09 AM

කොන්ත්‍රාත්තුව "ගෝඨාට දෙන්න

:       1       0

Karunasena Wednesday, 03 April 2024 08:14 AM

ප්ලේන්ස් විතරක් ගත්තට මදි.මුළු ස්ටාෆ් එකම අලුතෙන් ට්‍රේන් කරන්න ඕනේ .ස්ටාෆ් එකෙන් දෙන මනාපයන් නවත්තන්න ඕන.කාර්යක්ෂම පොලයිට් ස්ටාෆ් එකක් හොයාගන්න ඕන

:       1       0

සත්‍ය ගවේෂී. Wednesday, 03 April 2024 09:21 AM

කෝ මේ ගුවන් සමාගම සිදුකළ කොටි ගණන් පාඩු ගැන හරිහැටි සොයා බැලුවාද ? ඒ දවස් වල මයිනා කපුටා ඇතුළු පවුල් සමාගමේ උදවිය බුරුතු පිටින් ලෝක සවාරි හා මෙරට සවාරි ගිය හැටි මේ රටේ ජනතාව දන්නවා.තව ණයට යානා ගෙන්නේ නැතිව නාස්තිවු මුදල් ගැන සොයාබලා කටයුතු කරානම් නේද වඩා හොඳ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site