IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


බනිස් ගෙඩියක් ගන්න ගිය දරුවා උස්සා පොලොවේ ගහලා

(කාංචන කුමාර ආරියදාස)

බනිස් ගෙඩියක් මිලදී ගැනීම සඳහා චූන් පාන් රථයක් අසලට ගිය වයස අවුරුදු හතර හමාරක කුඩා දරුවකු බීමත් පුද්ගලයකු උස්සා පොලොවේ ගැසීමෙන් තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.

පොළොවේ ගැසීම නිසා තුවාල සිදු වීම  සමඟ මෙම මෙම දරුවා දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව රෝහලේ වෛද්‍යවරුන් ඒ සම්බන්ධයෙන්  දඹුල්ල රෝහල් පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව පොලිස් පරීක්ෂණය කිරීමෙන් අනතුරුව සිද්ධියකට සම්බන්ධ 44 හැවිරිදි අයකු අත්අඩංගුවට ගෙන ඇත.

මව සහ පියා මෙන්ම දරුවාගේ සීයා සමග කණ්ඩලම ප්‍රදේශයේ නිවසේ රැඳී සිටින අවස්ථාවේ මාර්ගයේ ගමන් ගත් චූංපාන්  රථයක හඬ ඇසී මෙම කුඩා දරුවා තම සීයාගෙන් මුදල් ඉල්ලාගෙන බනිස් ගෙඩියක් මිලදී ගැනීම සඳහා මාර්ගය අසලට දිව ගොස් ඇත.

ඒ අවස්ථාවේ  බීමතින් සිටි අයකු මෙම කුඩා දරුවාට බැන වැදී චුන් පාන් ගැනීමට මුදල් කොහේ දැයි විමසා එකවරම ඔසවා පොළොවේ ගසා ඇතැයි මූලික පරීක්ෂණවලින්  හෙළි වූ බව  පොලිසිය කියයි. 

සැකකරු  දඹුල්ල මහේස්ත්‍රාත් චමිලා කුමාරි රත්නායක මහත්මිය  ඉදිරිපත් කිරී‍මෙන් පසු ලබන 9 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයට පත් කර ඇත.  

මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කොට ඇත්තේ දඹුල්ල කණ්ඩලම කැප්පැල ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්.එම් .පි .අජිත් වර්ණසූරිය නොහොත් සමන්ත නමැති පුද්ගලයකු බව දඹුල්ල පොලීසිය කියයි.

 



අදහස් (3)

බනිස් ගෙඩියක් ගන්න ගිය දරුවා උස්සා පොලොවේ ගහලා

ganegoda Thursday, 29 December 2022 01:57 PM

" පොඩි ලමයි උස්සල පොලවෙ ගහන එක " රාජපක්ශලගෙන් පැවතෙන දේවල් ! අපිට මතකයි මහින්ද රාජපක්ශත් ඔයවගෙ දෙයකට ලෝකෙටම ප්‍රසිද්ධ උනා .

:       4       19

Senarath Thursday, 29 December 2022 02:08 PM

මේ වගේ අයට දෙන්න ඕනේ රජකාලේ දඬුවම්. පොඩි කෙනෙක්ගේ ආසාවවත් තේරුම්ගන්න බැරි තිරිසන්නු...

:       0       20

Vipula Thursday, 29 December 2022 03:18 PM

මගේ එකෙක් එහෙම ගැහුවා නම්, ඒ එයාගේ අන්තිම ගැහිල්ල තමයි...

:       0       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 135 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site