
(කාංචන කුමාර ආරියදාස)
බනිස් ගෙඩියක් මිලදී ගැනීම සඳහා චූන් පාන් රථයක් අසලට ගිය වයස අවුරුදු හතර හමාරක කුඩා දරුවකු බීමත් පුද්ගලයකු උස්සා පොලොවේ ගැසීමෙන් තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.
පොළොවේ ගැසීම නිසා තුවාල සිදු වීම සමඟ මෙම මෙම දරුවා දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව රෝහලේ වෛද්‍යවරුන් ඒ සම්බන්ධයෙන් දඹුල්ල රෝහල් පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව පොලිස් පරීක්ෂණය කිරීමෙන් අනතුරුව සිද්ධියකට සම්බන්ධ 44 හැවිරිදි අයකු අත්අඩංගුවට ගෙන ඇත.
මව සහ පියා මෙන්ම දරුවාගේ සීයා සමග කණ්ඩලම ප්‍රදේශයේ නිවසේ රැඳී සිටින අවස්ථාවේ මාර්ගයේ ගමන් ගත් චූංපාන් රථයක හඬ ඇසී මෙම කුඩා දරුවා තම සීයාගෙන් මුදල් ඉල්ලාගෙන බනිස් ගෙඩියක් මිලදී ගැනීම සඳහා මාර්ගය අසලට දිව ගොස් ඇත.
ඒ අවස්ථාවේ බීමතින් සිටි අයකු මෙම කුඩා දරුවාට බැන වැදී චුන් පාන් ගැනීමට මුදල් කොහේ දැයි විමසා එකවරම ඔසවා පොළොවේ ගසා ඇතැයි මූලික පරීක්ෂණවලින් හෙළි වූ බව පොලිසිය කියයි.
සැකකරු දඹුල්ල මහේස්ත්‍රාත් චමිලා කුමාරි රත්නායක මහත්මිය ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 9 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයට පත් කර ඇත.
මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කොට ඇත්තේ දඹුල්ල කණ්ඩලම කැප්පැල ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්.එම් .පි .අජිත් වර්ණසූරිය නොහොත් සමන්ත නමැති පුද්ගලයකු බව දඹුල්ල පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
" පොඩි ලමයි උස්සල පොලවෙ ගහන එක " රාජපක්ශලගෙන් පැවතෙන දේවල් ! අපිට මතකයි මහින්ද රාජපක්ශත් ඔයවගෙ දෙයකට ලෝකෙටම ප්‍රසිද්ධ උනා .
මේ වගේ අයට දෙන්න ඕනේ රජකාලේ දඬුවම්. පොඩි කෙනෙක්ගේ ආසාවවත් තේරුම්ගන්න බැරි තිරිසන්නු...
මගේ එකෙක් එහෙම ගැහුවා නම්, ඒ එයාගේ අන්තිම ගැහිල්ල තමයි...