IMG-LOGO

2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා


බොන්න වතුර නැතිව පීඩා විදින සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවයි

 

(නිමල කොඩිතුවක්කු)

දැඩි නියඟය හේතුවෙන් පානීය ජලය නොමැතිව පීඩා විදින සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.

ඒ අනුව  දිස්ත්‍රික්ක 15 ක පවුල් 60988 කට අයත් 210790 ක් පානීජ ජලය නොමැතිව පීඩාවට පත්ව සිටින බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

දැඩි නියඟය හේතුවෙන් වැඩිම බලපෑමක් උතුර සහ නැගෙනහිර  පළාතට සිදුව ඇති අතර උතුරු පලාතේ පවුල් 23603 කට අයත් පුද්ගලයන් 75287 කුත් නැගෙනහිර පළාතේ පවුල් 18951 කට අයත් පුද්ගලයන් 63136 කුත් බලපෑමට ලක්ව ඇතැයි එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

දැඩි නියඟය හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ පවුල් 21999 කට අයත් 70238 ක්, මන්නාරම දිස්ත්‍රික්කයේ පවුල් 952 කට අයත් 3244 දෙනෙක්, මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් 202 කට අයත් 685 දෙනෙක්, වව්නියාව දිස්ත්‍රික්කයේ පවුල් 450 කට අයත් 1120 දෙනෙක්,   රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 10048 කට අයත් 41868 දෙනෙක්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පවුල් 2320අයත් 7737 ක්, මඩකලපුව දිස්ත්‍රික්කයේ පවුල් 8892 කට අයත් 29508 අම්පාර දිස්ත්‍රික්කයේ පවුල් 7739 කට අයත් 25891 දෙනෙක්, පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 786 කට අයත් 2321 ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවුල් 4433කට අයත් 14752 ක්, බදුල්ල  දිස්ත්‍රික්කයේ පවුල් 329කට අයත් පුද්ගලයන් 1324 ක්, මොනරාගල දිස්ත්‍රික්කයේ පවුල් 140 කට අයත් 485 දෙනෙක්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 1513 කට අයත් 7512 දෙනෙක්, ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 922 කට අයත් 2890ක්” මාතලේ දිස්ත්‍රික්කයේ පවුල් 263 කට අයත් 1215 ක්  පීඩාවට පත්ව සිටින බවත් ආපදා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

මෙම ප්‍රදේශවලට බවුසර් රථ ඇතුලු වෙනත් ක්‍රම යොදාගනිමින් පානීය ජලය ලබාදීමට කටයුතු කරමින් සිටින බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රකාශකයකු පැවසීය



අදහස් (0)

බොන්න වතුර නැතිව පීඩා විදින සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 249 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 419 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 748 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site