
(ප්‍රසංග පෙරේරා)
රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බන්ධනාගාර රැදවියකු රෝහලෙන් පලා ගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.
කිසියම් රෝගී තත්ත්වයක් හේතුවෙන් මෙම බන්ධනාගාර රැදවියාව රාගම රෝහලට ඇතුළත් කර තිබී ඇත. වාට්ටු අංක 39 ප්‍රතිකාර ලබමින් සිටි මෙම රැදවියා ඉකුත් 15 දින සවස 05 ට පමණ රෝහලෙන් පැනගොස් තිබේ.
පසුව රාගම රෝහලේ පාලනාධිකාරිය රැදවියාගේ පලායාම පිළිබඳ ව රාගම පොලිසියට පැමිණිලි කළ බවද රෝහල් ප්‍රකාශකයා පැවසීය.
මෙලෙස පලා ගොස් තිබුණේ මහර කඩවත ප්‍රදේශයේ පදිංචි කරුවකු බව පොලිසිය සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රැඳවියෙක්නම් බන්ධනාගාර ආරක්ශාව යටතේ සිටියයුතු නොවේද?පැමිණිලි කලයුත්තේ රෝහලද?භාන්ධනාගාරයද ?