
(යොහාන් භාසුර)
වැලිකඩ බන්ධනාගාරයේ රාජකාරියේ නිරතව සිටි නිලධාරියෙකු සතුව තිබී අයිස් යැයි සැක කල හැකි මත්ද්‍රව්‍ය පැකට් කිහිපයක් අද (31) අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා පැවසීය.
අදාල නිලධාරියා වැලිකඩ බන්ධනාගාර ප්‍රධාන දොරටුවේදී බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකා නිලධාරීන් කළ සෝදිසි කිරීමකදී ඔහු පැලදසිටි රාජකාරී පාවහන් තුල සූක්ෂම ලෙස සඟවා තිබූ අයිස් යැයි සැකකල හැකි පැකට් කිහිපයක් සොයාගත් බවත් ඔහු වසර 20ක පමණ සේවා කාලයක් ඇති නිලධාරියෙකු බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
එම නිලධාරියාගේ සේවය අත්හිටුවා ඉදිරි නීතිමය කටයුතු වෙනුවෙන් බොරැල්ල පොලිසියට බාර දුන් බවද ගාමිණී බී දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS