
(මනෝප්‍රිය ගුණසේකර)
බන්ධනාගාරවල තදබදය අවම කිරීම සඳහා අවශ්‍ය සැළසුම් සහ ක්‍රියාමාර්ග සතියක් තුළ තමන්ට දැනුම් දෙන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා අද (01) පොලිස්පතිවරයාට නියම කළේය.
සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරවල රදවාගෙන සිටින රැඳවියන්ට ඇපදීමට අවශ්‍ය කරන සැළසුම් පිළිබඳව ද තමන්ට දැනුම් දෙන ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාට දැනුම්දී ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අවශ්‍ය සැළසුම් සහ ක්‍රියාමාර්ග පිළිබඳව අධ්‍යනය කොට ලබන 9 වැනිදා වන විට එම සැළසුම් සහ ක්‍රියාමාර්ග ක්‍රියාමාර්ග පිළිබඳව තමන් දැනුවත් කරන ලෙස ද නීතිපතිවරයා පොලිස්පතිවරයාට වැඩි දුරටත් නියම කොට ඇත.
බන්ධනාගාර තද බදය අවම කිරීමේ පියවරක් වශයෙන් සුළු මත්ද්‍රව්‍ය සහ වෙනත් වැරදි සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයට පත්කොට සිටින සැකරුවන්ට ඇපදීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා මීට පෙර පොලිස්පතිවරයාට දැනුම්දී තිබූ අතර තමන් මීට පෙර ලබාදුන් නියෝග සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග මොනවාද යන්න පිළිබඳව තමන්ට එදිනම දැනුම් දෙන ලෙස නීතිපතිවරයා වැඩි දුරටත් නියම කොට ඇත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහු දන්නේ නැහැ. ඔහුගෙන් අහන්න එපා
අනේ පොලිස්පතිතුමනි, හික්කඩුව හිටපු ස්ථානාධිපති මගේ පුතා ඇප ගන්න බැරි විදියට ගාල්ල බන්ධනාගාරයට දැම්මා ගමෙ ළමයෙක් එක්ක ගහගෙන... කාගෙන් හරි පගා අරගෙන.. මගේ පුතා මාස 10ක් වෙනවා. මම ඉතාලියේ අවුරුදු 23ක් දුක් විඳිනවා. ඹබ තුමාට ගොඩක් පිං.. ඇප ගන්න ක්‍රමයක් කියන්න. මගේ පුතා නරක වැඩ කරන්නේ නෑ. මං පොරොන්දු වෙනවා ගොඩක් පිං... බුදු සරණයි...!!!
සුළු මත්ද්‍රව්‍ය කියන්නේ කුමක්දැයි පැහැදිලි නැහැ. බන්ධනාගාර තදබදය අවම කිරීමට නම් ජනතාව දහමට යොමු කිරීම කලයුතුය.
දඬුවම් වැඩි කරලා හරියට ක්‍රියාත්මක කළා නම් නිකම්ම තදබදය අඩුවෙයි.
ඉතිං මේ තදබදය අඩුකරමින් තමයි ඉන්නේ... දැන් බලන්න මහර 9 දෙනෙක් අඩු වුණා. 2012 වැලිකඩ 27 දෙනෙක් අඩුකරලා දුන්නා.
මාර වියතුන්... වාර්තා හදන්නේ මොකටද? පොලිස්පතිතුමා, පොලීසිය කරන්නේ නීතිවිරෝධී ක්‍රියා කරන්නන් නීතිය හමුවට ගෙන ඒමයි. නීතිය ක්‍රියාත්මක කරන්න කල්ප කාලයක් ගතවන නිසා තමයි බන්ධනාගාර තදබදය අවම කිරීමට සැලසුම් කරන්නේ. ඉල්ලා ගන්න ඕනේ බන්ධනාගාර බාර ඇමැතිතුමාගෙන් සහ බන්ධනාගාර කොමසාරිස් තුමාගෙන්.. අලුත් වියත් ඇමැතිලා ගාව වියත් සැලසුම් ප්‍රතිපාදන තියනවනේ..
මතක තියාගන්න සුලු වැරදි කියන්නේ මිනී මැරුම්, දූෂණ, වගේ ඒවාට.. ලොකු වැරදි කියන්නේ අඹ ගෙඩියක් හොරෙන් කැඩීම වගේ දේවල් හොඳේ...
මෙන්න අපේ යෝජනා, පාතාලයින් යුද පෙන්වන්න එක්ක යන්න. මරණීය දණ්ඩනයට නියමවූවන්ට මරණීය දණ්ඩනය දෙන්න. සොරකම් වලට අසුවූවන්ට සෞදියේ මෙන් අත කපා දමන්න එවිට අලුතෙන් සිරගෙට එන එක නවතියි. මේ වගේ කරන කොට එන අය නවතිනවා පිරුණු තැන හිස්වෙනවා.