(නිමන්ති රණසිංහ)
වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට කොවිඩ් ආසාදිත වී ඇතැයි වාර්තා වේ.
සිය මුහුණු පොතේ සටහනක් තබමින් ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කර ඇත .
අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩල නිලධාරීන් කිහිප දෙනෙකුට කොවිඩ් ආසාදිත බවට තහවුරු වීමත් සමඟ සිදුකරන ලද ඇන්ටිජන් පරීක්ෂණයේදී තමන්ට ද කොවිඩ් ආසාදිත වී ඇට්ජි බවට හඳුනා ගත් බව අමාත්‍යවරයා සිය මුහුණු පොතේ සඳහන් කර ඇත.
වෙළද අමාත්‍යවරයා ඊයේ 27 ජනාධිපති මැදුරේ පැවති කෝවිඩ් රැස්වීම සඳහා ද සහභාගි වී සිටියේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහුගිය දවස්වල ඇවිද්දා නේද හැම තැනම. ඉක්මනින් සුවපත් වේවා !
ඉක්මන් සුවය පතමි.
මට පරණ සින්දුවක් මතක් උනා එක පටන් ගන්නේ "සාදු සාදු සාදු " කියල බෙග් සමග සුජාතද කොහෙද කින්කිනිපාද සිනමා සිත්තමට කියපු ගීතයක් මේක මට නිකමට මතක් උනේ අර සිද්දියත් එක්ක මේකේ කිසිම සහ සම්බන්දයක් නැහැ
මා ඔබතුමා විවේචනය කරනා කෙනෙක්. ඒත්, මේ වෙලාවේ අප ඔබතුමා සමගයි. ඔබතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.
පොඩි හෙම්බිරිස්සාවක්, මැරෙන්නේ සියයට දෙකයි. පාර්ලිමේන්තුවේත් රවුමක් ගහලා ආවනම් තමයි හොඳ.
මේ ඔක්කොම බොරු. සීනි ප්‍රශ්නයෙන් බේරෙන්න හැංගෙනවා. අනේ මුවාත් මැරිලා ගියොත් ඇති...
ඔය අසාර්ථක, හාල් මෝල් කාරයො එක්ක ඩීල් දාන කෙනෙක් මෙයා.
සුභ ආරංචියක් ලැබෙයිද දෙයියනේ...
ඉතා සරල කළු රෙදි මුව ආවරණයකින් නම් කොවිඩ් රෝගයෙන් බේරීමට අසීරුයි. ඒවායේ හිඩැස් එමටයි. ඒ ගැනත් සැලකිලිමත් වෙන්න... ඔබට ඉක්මන් සුවය ලැබේවා !
ඉමන් සුවය පතමි. කෙනෙක් අසනීප වුනු වෙලාවට දේශපාලන මත වෙනස්කම් මුල් කරගෙන ශාප කරන අයට අනතුරක් වුන වෙලාවට ඉතා භයානකයි.
ඉක්මන් සුව ලැබේවා.!
මෙතන අසනීප වුන අයකුට සනීප වෙන්න කියල පතපු එකටත් ඩිස්ලයික් දාන්න තරම් දුර්ජනයින් රටතුළ සිටීම කණගාටුදායකයි. තමන් අසනීප වූ විටත් එහෙම පතන එක වැරැදි ඇති.
පොඩි හෙම්බිරිස්සාවක් හැදිලා තියෙන්නේ... ගණන් ගන්න එපා..
එතුමා මෙම රෝගයෙන් අනතුරක් නොවේවයි පතමි.නිරෝගි වේවා!
ඉක්මන් සුවය ලැබේවා
මෙතුමාද වෙන කෙනෙක්ද, යහපාලන කාලෙද වර්ථමානෙද කියල නැහැ. මෝඩ වැඩ සහ වැරදි තීරණ දැක්කොත් අපි විවේචනය කරනවා. අනෙක මෙතුමා පාදඩ සංස්කෘතිය කිසිසේත් නියෝජනය කරන්නෙ නැහැ. ඊටත් අපේ විවේචන, එක පුද්ගලයෙක් ඉලක්ක කරගෙන හෝ ඔහුගෙ පැවැත්ම නතර කිරීම පරමාර්ථකොටගෙන නොවෙයි. ඒ අපත් පාදඩයන් නොවෙන නිසායි. පුද්ගලයා තුළ ඇති දේශපාලන හැසිරීමයි අපි විවේචනය කරන්නෙ. මේ මොහොතෙ ඔබතුමාට ඉක්මනින් සුවවේවායි පතමු.
මේ දැනට මේ වසංගතයට ගොදුරුවුණ 9 වැනි මන්ත්‍රී වරයා. මුළු රටේම රෝගාතුරව ඉන්නා සියලුම දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.
ඉක්මනින් සුවපත් වේවා!
ඉක්මන් සුවය ලැබේවා
ඔයගොල්ලෝ කොවිඩ් මර්ධන කමිටුවේ සාමාජිකයින් වගේ වෙන්න එපා.. මාස්ක් එක හැමතිස්සේම දාගෙන ඉන්න...
ඒක හොඳයි..!!!
අර පැණිය බිව්වා මිසක් බෙහෙතක් විදගත්තේ නැහැ නේද? ඉක්මන් සුවය ලැබේවා