
(තුසිත කුමාර ද සිල්වා)
බෙන්තොට කහගල්ල වඩුමුල්ලේ දේවාලයක කපුවකු දේවාරූඪයෙන් ශරීරය අභ්‍යන්තරයේ ලෙඩ සුවකරන මුවාවෙන් බාල වයස්කාර දැරියකගේ ශරීරය පුරාඉඳිකටුවලින් රුධිරය පිටතට එන තෙක් දුරුකර ලිංගික හිංසනයක් සිදුකර ඇතැයි ,බෙන්තොට පොලිසිය කියයි.
මෙම සිද්ධියට මුහුණ පා ඇති දැරිය සිය මව හා නැන්දණිය සමග බෙන්තොට වඩුමුල්ල දේවාලයට පැමිණ ඇති අතර දැරිය ගේ පියා සහ මෙම යකදුරා කලක පටන් දැන හඳුනන අය බවත් ඒ විශ්වාසය මත දැරියගේ ශරීර අභ්‍යන්තරයේ ඇති රෝගයක් සුව කර දීමට දෙපාර්ශවය එකඟතාව මත සැකකාර කපුවා අවස්ථා තුනකදී රුපියල් ලක්ෂ දෙකක මුදලක් ද ලබාගෙන මොවුන් බෙන්තොට දේවාලයට ගෙන්වා ඇත.
එහිදී එම දැරියගේ ශරීර අභ්‍යන්තරයේ භයානක ප්‍රතිඵල ගෙන දිය හැකි කිසියම් රෝගයක් තිබෙන බැවින් එය දේව මන්ඩලයේ නියමය පරිදි සුව කර දිය හැකි බව පවසා ඇත.
මෙලෙස එම දැරියට හිංසා කර ඇති බවත් පසුව මෙම දැරිය සමග ඇගේ පියා අලුත්ගම පොලීසියට පැමිණිලි කළේය.
සිද්ධිය වී ඇත්තේ බෙන්තොට පොලිස් වසමේ බැවින් පසුව අලූත්ගම පොලිසිය බෙන්තොට පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව බෙන්තොට පොලීසියට ලද පැමිණිල්ල ඔස්සේ දීර්ඝ ලෙස මෙම දේවාලය පිළිබඳ විමර්ශන සිදුකර කපුවා පොලිස් බාරයට ගෙන තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කපුවගේ නෙවෙයි වැරැද්ද... අම්මලා, තාත්තලාගේ... මේ වගේ අමන වැඩ කරනවට..
ලංකාවේ බහුතරයක් මේ වගේ මෝඩ මිත්‍යා විශ්වාස පස්සේ යන ගොන් හරක්.දේශපාලුවෝ දන්නවා උන්ව පහසුවෙන් රවට්ටන්න පුළුවන් කියලා .රට විනාශ වෙලා තියන ප්‍රධානම හේතුව රටේ බහුතරය මෝඩ මුග්ධයන් නිසා
තාමත් මෙහෙම මිනිස්සු ඉන්නවනෙ මේවගේ හොර කට්ටඩි ලගට යන අය