IMG-LOGO

බන්ඩි පෝර ගන්න ගොවීන්ට රු: 10,000 සහනාධාරයක්

 

(අංජුල මහික වීරරත්න)

මහ කන්නයේ වී වගා කරන සෑම  ගොවියකුටම බණ්ඩි පොහොර  මිල දී ගැනීම සඳහා රුපියල් 10,000ක සහනාධාරයක්  ලබා දීමට තීරණය කළ බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ. එච්.එම්. එල්. අබේරත්න මහතා පවසයි.

 මහ කන්නයේ දී ශ්‍රී ලංකාවේ ගොවි ජනතාවට බණ්ඩි පොහොර මිල දී ගැනීම සඳහා  ආසියානු සංවර්ධන බැංකුව විසින් රුපියල්  කෝටි 1000ක් ලබා දීමට එකඟතාවය පළ කර ඇති අතර එම මුදල යොදා ගනිමින් මෙම සහනාධාරය දෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

මෙවර මහ කන්නයේ දී බණ්ඩි පොහොර හෙවත් Muriate of Potash (MOP)  පොහොර ආනයනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇති අතර ඒ සඳහා ආසියා සංවර්ධන බැංකුව ලබා දී ඇති මුදල ඇමරිකා ඩොලර් මිලියන 40කි.

2021 මහ කන්නයෙන් පසු වී වගාවට බණ්ඩි පොහොර ලබා දෙන ප්‍රථම අවස්ථාව මෙය වන බැවින් සෑම වී වගා කරන ගොවියෙකුටම අවශ්‍ය බණ්ඩි පොහොර ලබා දීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පොහොර බෙදාහැරීම් බාරව කටයුතු කරන සියලු නිලධාරින්ට උපදෙස් දුන්නේය.

ලෝක වෙළෙද පොළේ MOP පොහොර  මිල අධික බැවින් ගොවීන්ට මෙම පොහොර මිල දී ගැනීමේ දී  කිසියම් සහනයක් සැලසීමේ පියවරක් අනුගමනය කළ යුතු යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

එම කාරණය සැළකිල්ලට ගනිමින් ආසියා සංවර්ධන බැංකුව වී වගා කරන ගොවි ජනතාවට සහන සැලසීමට රුපියල් කෝටි 1000ක මුදලක් ලබා දීමට නියමිතය. 



අදහස් (2)

බන්ඩි පෝර ගන්න ගොවීන්ට රු: 10,000 සහනාධාරයක්

Bamunuarachchi Thursday, 20 October 2022 02:21 PM

ආණ්ඩුවෙන් සාහනාදාර අරගෙන අස්වැන්න මෝල් කාරයාට විකුණයි. සහනාදාර දෙන්න ගිය අස්වැන්න රජයට විකුනපු කුවිතාන්සි පෙන්නුවාම.

:       1       3

nimal Thursday, 20 October 2022 05:47 PM

නොමිලයේ පොහොර ලබා නොදිය යුතුවේ. රජය තිබෙනුයේ පොහොරවල ප්‍රමිතිය සහ පොහොර අවශ්‍ය ප්‍රමාණයට තිබේද යන්න සොයා බැලීමට සහ මිල පාලනය කිරීමට වේ.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 154 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 447 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 67 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site