(දයාරත්න ඇඹෝගම)

සිය දියණියගේ සැමියා ගෙන් පහර කෑමට ලක්වු 63 හැවිරිදි පුද්ගලයෙකු රෝහල් ගත කිරිමෙන් අනතුරුව මිය ගොස් ඇතියි හොරොව්පොතාන පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ මුක්කරවැව,හොරොව්පොතාන යන ලිපිනයේ පදිංචිව සිටි නෙයිනා මොහොම්දු යුසුප්(63) හැවිරිදි තිදරු පියෙකි.

සිය දියණියත් ඇයගේ සැමියාත් අතර ඇතිවු ආරාවුලක් බේරැම් කිරිමට මැදිහත්වු මෙම පුද්ගලයාට ඔහුගේ දියණියගේ සැමියා විසින් අතින් පහරදි ඇතැයි පොලිසිය කියයි.