IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


‘බෙනී ගානට්ස්‘ගෙන් රතු එළියක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ගාසා තීරය සඳහා පශ්චාත් යුද සැලැස්මක් අනුමත නොකළහොත් තමන් යුද කැබිනට්ටුවෙන් ඉවත් වන බව එහි සාමාජික බෙනී ගානට්ස් විද්‍යුත් මාධ්‍ය ජනතාව අමතමින් ප්‍රකාශ කළේය.

යුද කැබිනෙට්ටුව පශ්චාත් යුද සැලැස්මක් එළඹෙන 8 වැනිදා වනවිට සකසා අනුමත කළ යුතු බවත් එම සැලැසුමට හමාස් සංවිධානය ප්‍රාණ ඇපයට ගෙන ඇති ඊශ්‍රායල ජාතිකයන් මුදා ගැනීම, හමාස් සංවිධානය ගාසා තීරය පාලනයෙන් ඉවත් කිරීම සහ යුද්ධයෙන් පසු ඊශ්‍රායල හමුදා පලස්තීන භූමිය පාලනය කිරීම යන කරුණු ඇතුළුව ජාතික වැදගත්කමක් ඇති උපාය මාර්ගික කරුණු 6 ක් ඇතුලත් විය යුතු බවත් බෙනී ගාන්ට්ස් පැවැසුවේය.

එලෙස පශ්චාත් යුද සැලැස්මක් යුද කැබිනට්ටුව අනුමත නොකොළහොත් තමන් සහ තම පක්ෂය යුද කැබිනට්ටුවෙන් ඉවත්වන බව බෙනී ගාන්ට්ස් ප්‍රකාශ කළේය.

බෙනී ගාන්ට්ස් ජනතාව අමතමින් මෙම ප්‍රකාශය සිදුකළත් මෙය සැබැවින්ම අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට කළ අනතුරු ඇඟවීමක් බව දේශපාලන විචාරකයෝ පැවැසූහ.



අදහස් (2)

‘බෙනී ගානට්ස්‘ගෙන් රතු එළියක්

jOE Sunday, 19 May 2024 01:39 PM

තොපිලා ලයිසන් තියන ත්‍රස්ත වාදීන්. කොටි ප්‍රභාකරන්ලාටයි තොපිලටයි වෙනසක් නෑ. ප්‍රභාකරන්ලා විනාශ වුනා වගේ අනිවාරෙන් තමුන්ලත් විනාශ වෙනවමයි .

:       20       20

Nimal Sunday, 19 May 2024 11:11 PM

ඔය කොයි රටටත් අපිට උදව් කරලා තියෙන බව අමතක කරන්න එපා... ඊශ්‍රායල් වලින් තමයි පේ ගුවන් හමුදාවේ නියමුවන් මුලින්ම පුහුණු කලේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1051 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site