පර්යේෂණාගාරයක් තුළ ජානමය වශයෙන් වෙනස් කරන ලද ඌරකුගෙන් ලබා ගත් වකුගඩුවක් සාර්ථකව මිනිස් සිරුරට බද්ධ කළ පුවතක් ඇමෙරිකාවෙන් වාර්තා වෙයි. 

මෙම ඌරකුගෙන් ලබා ගත් වකුගඩුව බද්ධ කර ඇත්තේ දෙවන වර්ගයේ දියවැඩියාව හේතුවෙන් වකුගඩු අක්‍රිය වී සිටි 66 හැවිරිදි ටිම් ඇන්ඩ්ර ස් නැමැති රෝගියාටය. වකුගඩුව බද්ධ කිරීමේ සැත්කම සිදුවූයේ ඇමෙරිකාවේ මැසචුසෙට්ස් රෝහලේදීය. 

වෛද්‍යවරුන්ට අනුව, සැත්කම සිදු කර ඇත්තේ 2025 ජනවාරි 25 වැනිදාය. ඊට අදාළ විස්තර සහ සැත්කමේ සාර්ථකත්වය පිළිබඳ පුවත ප්රිසිද්ධියට පත් වූයේ ඊයේ (3) දිනයේය.

මාධ්‍ය වාර්තා කළේ ජානමය වශයෙන් වෙනස් කරන ලද ඌරකුගෙන් ලබා ගත් වකුගඩුවක් මිනිස් සිරුරක් තුළ දින 271ක් පුරා සාර්ථකව ක්‍රියාත්මක වූ පළමු අවස්ථාව මෙය බවය.