(ප්‍රසාද් රුක්මල් ) 

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 198ක් ලබා ගනිමින් දිවයිනේ  ප්‍රථම ස්ථානය ලබා ගැනීමට බදුල්ල විහාරමහාදේවී බාළිකා විදුහලේ ඩබ්ලිව් .එම්.දුලිනි සංදිනි (10) සිසුවිය සමත් වූවාය .

බදුල්ල ස්ප්‍රීංවැලි පාරේ පදිංචි දුලිනි සංදිනි දියණියගේ මව තිලිණි එරංදි ඉංජිනේරුවරියක  වන අතර පියා සමිල ප්‍රභාත් ව්‍යාපාරිකයකි.

මට හරිම සතුටුයි මේ ජයග්‍රහණය ගැන.මම හිතාගෙන හිටියේ හොදට පාඩම් කරලා 5 ශිෂ්‍යත්ව විභාගය ඉහලින් පාස්වෙනවා කියලා ඒක මට කරගන්න ලැබුනා.  යැයි ඇය පැවසූවාය.