(පාලිත ආරියවංශ)

කෝටි හතක හිඟ විදුලිබිලක් හේතුවෙන් බදුල්ල ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ ගොඩනැගිලි කීපයක විදුලිය විසන්ධි කළ බව විදුලි බල මණ්ඩලය පවසයි.

මෙම රෝහලෙන් අයවියයුතු රුපියල් කෝටි හතක පමණ වන හිඟ විදුලිබිල නිසා එම තීරණය ගත් බව විදුලිබල මණ්ඩලයේ නිලධාරියෙක් පැවසීය .

හෙද පුහුණු අංශය, වෛද්‍ය නිල නිවාස සහ හෙද නේවාසිකාගාරයේ මෙසේ විදුලිය විසන්ධිකර ඇතිබව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය .

මේ තත්වය යටතේ ඉදිරියේදී රෝහලේ විදුලිය සම්පූර්ණයෙන්ම විසන්ධිවිමට ඉඩ ඇති බව ද එම ප්‍රකාශකයා සඳහන්කළේය .