IMG-LOGO

බදුල්ලේ මවයි-දුවයි ඝාතනයේ සැකකරු අල්ලයි

(ප්‍රසන්න පත්මසිර)

බදුල්ල හිගුරුගමුව ගැලන්ඇල්පීන් වතු ගම්මානයේ  සය දරු මවගේ සහ ඇගේ දියණිය ඝාතනය කර ඇත්තේ 20,000සක් නොදීම නිසා බවට මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත. මරා දැමූ බව කියන ත්‍රිරෝද රථ රියැදුරා සොරාගත් රන් ආභරණ සහ ඝාතනයට යොදාගත් පිහිය සමග අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් පදිංචිව සිටි නිවසේ නිදි යහනේදීම පෙරේදා රාත්‍රී තියුණු ආයුධ වලින් කපා කොටා ඝාතනය කර තිබුණි.

බදුල්ල ගැලන්ඇල්පීන් වතු ගම්මානයේ නිවසක ජීවත්වු එච්.එම් රංමැණිකා  (80) සහ ඇගේ අවිවාහක දියණිය වන ආර්.එම් ජයවතී (55) නැමැත්තිය ඝාතනය කර තිබුණි.

සිද්ධිය වු නිවස අසළ පදිංචිව සිටින මිය ගිය කාන්තාවගේ දියණියක් වන ආර්.එම් මිසිනෝනා (60) කැපුම් තුවාල හේතුවෙන් බරපතල තුවාල ලබා රෝහල් ගතව සිටි කාන්තාව ලබාදුන් තොරතුරක් මත පරීක්ෂණ සිදුකළ පොලිසිය  මෙම තරුණයා අත් අඩංගුවට ගැනීමෙන් පසු ඝාතනයේ සුළමුල එළිවී තිබේ.

 



අදහස් (4)

බදුල්ලේ මවයි-දුවයි ඝාතනයේ සැකකරු අල්ලයි

කිරිපුතා Monday, 12 September 2022 07:20 PM

පොලීසිය වෙහෙස වෙලා, කැපවෙලා හරියටම වැරදිකරු අල්ලනවා. දැන් ඔය වැරැදිකරු නාකි වෙනකම් නඩුව අහලා අන්තිමය... එක්කෝ ඔප්පු කරන්න බෑ කියනවා. නැත්නම් අවුරුදු කීපයකට හිරේ... ඉතින් මිනිසුන් වැරදිවලට බය වෙයිද? රට හැදෙයිද?...

:       1       33

Saman Monday, 12 September 2022 11:03 PM

දැන් 20000 මරයි, ඉට පස්සෙ 500 මිනි මරන්න පටන් ගනි එහෙම උනත් මිනිමරුව කොහොමත් එලියෙ.

:       0       5

නිහාල් Tuesday, 13 September 2022 08:23 AM

පොලිසියට ඕවා අල්ලන්න වෙලාවක් නෑ.. ජනාධිපති මන්දිරේ නාපු උන් අල්ලන්න, රෙද්දක් හොරකම් කරපු උන් අල්ලන්න තව ගොඩක් වැඩ තියනවා.

:       3       12

sirimal Tuesday, 13 September 2022 02:36 PM

ගාලුමුවදොරට ගෙනත් ප්‍රසිද්ධියේ වෙඩි තැබිය යුතුයි.. නැතිනම් මේ කප්පම්, තර්ජන ඉවර වෙන්නේ නැහැ..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 436 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site