
(ප්‍රසාද් රුක්මල්)
බදුල්ල ග්ලේන්පින්වත්ත තේ වත්තේ මාර ගසක බෙනයක් තුළ සගවා තිබූ අයිතිකරුවෙකු නොමැති විදේශ රටක නිශ්පාදිත රිවෝල්වරයක් සහ වෙඩිබෙහෙත් තොගයක් අද (28) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයි .
ලැබුණු තොරතුරක් මත බදුල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් බදුල්ල ග්ලේන්පින්වත්ත ට ගොස් මෙම වැටලීම සිදුකර තේ වත්තේ මාරගසක බෙනයක් තුළ ඉටි බෑගයක දමා සගවා තිබූ රිවෝල්වරය සහ වෙඩිබෙහෙත් සොයා ගත් බවද පොලිසිය සදහන් කළේය .
විදේශ රටක නිශ්පාදිත මෙම රිවෝල්වරය සොයා ගන්නා විටත් එය මළකඩ කා තිබූ බවත් ,වෙඩිබෙහෙත් මිලිග්රැම් 437 ක් තිබූ බවද පොලිසිය පැවසීය .
මෙය කිසිවෙකු විසින් කිසියම් අපරාධයක් කිරිමට හෝ අපරාධයක් සිදු කර මෙසේ රිවෝල්වරය සගවා තැබුවේ ද යන්න සොයා පරික්ෂණ කටයුතු සිදු කරන බවද උසස් පොලිස් නිළධාරියකු කීහ .
බදුල්ල ජේෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල , පොලිස් අධිකාරි බුද්දික ගුණසේකර යන මහත්වරුන්ගේ උපදෙස් මත බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ටී එම් රත්නායක උපපොලිස් පරික්ෂක ඩී.එම් .අනුර ,සැරයන් 35234 සමන්ත , 33778 ජයසිංහ , 54116 විජෙතුංග, 40840 රත්නසිරි යන මහත්වරුන් වැඩිදුර පරික්ෂණ පවත්වති .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd