
(ප්‍රසාද් රුක්මල් සහ පාලිත ආරියවංශ )
බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ තිබිරිගස්පිටිය 4 කනුව ප්‍රදේශයේ දී අද (21) පස්වරුවේ වන්දනා නඩයක් රැගත් පෞද්ගලික බසයක් විදුලි කනුවක ගැටී මාර්ගය හරහා පෙරලීයාමෙන් තිදෙනකු මියගොස් 26 දෙනෙකු තුවාල ලබා බදුල්ල ශික්ශන රෝහලට ඇතුලත් කළ බව බදුල්ල පොලිසිය පවසයි .
අනුරාධපුර තබුත්තේගම පහලගම ප්‍රදේශයේ පදිංචි පිරිසක් මෙසේ අනතුරට මුහුණ පා ඇති බව පොලිසිය කීය .
මොවුන් අද (21) අලුයම අනුරාධපුර සිට ඇල්ල ප්‍රදේශයට වන්දනාවේ පැමිණ යළි බදුල්ල මහියංගන මාර්ගය ඔස්සේ අනුරාධපුර බලා යමින් සිටියදී මෙසේ බස් රථය අනතුරට පත්ව ඇතයි පොලිසිය සදහන් කළේය .
මෙම අනතුරින් බස් රථයේ රියදුරු , රියසහයක තුවාල නොලබා බේරී ඇති බව පොලිසිය පවසයි .




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇල්ලේ වන්දනා කරන්න තියෙන්නේ මොකද්ද?
රටම මුස්පේන්තු වෙලා තියෙන්නේ...