IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බදුල්ල ඩිපෝවේ බස් වර්ජනයක්

(ප්‍රසාද් රුක්මල් ) 

ශ්‍රී ලංගම බදුල්ල ඩිපෝවේ බස්රථ රියදුරන් කොන්දොස්තරවරුන් ඇතුලු සේවකයන් අද (2) පස්වරුවේ සිට වැඩවර්ජනයක නිරතව සිටියි.

බදුල්ල කොළඹ අතර ඒකාබද්ධ කාලසටහනට අනුව ධාවනය වන පෞද්ගලික බස්රථ ශ්‍රී ලංගම බදුල්ල ප්‍රධාන බස්රථ නැවතුම්පොළ තුලට ඇතුලු නොකර පෞද්ගලික බස්රථ නැවතුම්පොළේ නවතා නියමිත  ඒකාබද්ධ කාලසටහනට  අනුව ධාවනය කරවන ලෙසට ඉල්ලා බදුල්ල ඩිපෝවේ සේවකයන් මෙසේ වැඩවර්ජනයක නිරත වූහ .

බදුල්ල නගරයේ ප්‍රධාන බස්රථ නැවතුම්පොළට ලගාවූ බදුල්ල ඩිපෝවේ සියලුම ශ්‍රී ලංගම බස්‍ රථ මගීන් බස්සවා නියමිත ගමන් වාර නොගොස් බස්රථ සියල්ල බදුල්ල ඩිපෝවට රැගෙන ගොස් ගාල්කර තබා රියදුරන් , කොන්දොස්තරවරුන් මෙසේ අද (2) පස්වරුවේ වැඩ වර්ජනයක නිරත ව සිටිති .

මේ නිසාවෙන් නිසාවෙන් සවස කාර්යාල නිමවී යන පිරිස් මෙන්ම අනෙකුන් උදවියද, වාරප්‍රවේශ පත් ගත් උදවියද දැඩි අපහසුතාවට පත්ව සිටියහ .



අදහස් (2)

බදුල්ල ඩිපෝවේ බස් වර්ජනයක්

Lalla Friday, 02 February 2024 08:38 PM

රාජ්‍ය සේවය පෞද්ගලික සේවය කරලා නැතිව ඒකාබද්ධ සේවයක් පවත්වාගෙන යාමට පියවර ගන්න. එක පෝලිමක් පිළිවෙලට මගීන්ට ඉඩ සලස්වන්න. ඒකාබද්ධ මගීන්ට පර්යන්ත නිර්මාණය අත්‍යාවශ්‍ය කරුණක්...! 

:       0       1

swene Saturday, 03 February 2024 05:36 AM

පෞද්ගලික බස් ධාවනයේදී, සෙනඟ සඳහා බස් අතර තරඟය නැති කිරීමට ක්‍රම වේදයක් යෙදවීම ඉතා අවශ්‍යයි. මෙම තරඟය නිසා, කොට කොට යෑමෙන් සහ නතර කර තබා ගැනීමෙන් මගීන්ගේ කාලය විශාල ලෙස විනාශ වෙනවා. ලංගම බස් රථයක් දුටුවිට එයට කපාගෙන යමින් අවිනිතිව ධාවනය කිරීමෙන් අනතුරුද වැඩි වෙනවා පමණක් නොව, ලංගම බසයට මගීන් අවම වීමෙන් ලංගමට පාඩුත් වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 149 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site