
(ඇල්ල ප්‍රසාද් රුක්මල් සහ සමන්පාලිත නානායක්කාර)
බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 7කණුව ප්‍රදේශයේ දී මාර්ගය ට විශාල පස්කන්දක් කඩා වැටීමෙන් අවහිර වී ඇති මාර්ග අපහසුතාව නිසාවෙන් බදුල්ල සිට බණ්ඩාරවෙලටත්, බණ්ඩාරවෙල සිට බදුල්ල ටත් පැමිනෙන උසස් පෙළ විභාග අපේක්ෂකයින් වෙනුවෙන් බදුල්ල මධ්‍ය මහ විදුහලේ සහ බණ්ඩාරවෙල මධ්‍යම මහ විදුහලේ විභාග ශාලාවේ පහසුකම් සලසා ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් එච් .ජේ.ඇම්.සී.අමිත් ජයසුන්දර මහතා පවසයි.
ඒ අනුව බදුල්ල සිට බණ්ඩාරවෙල යන උසස් පෙළ විභාග අපේක්ෂකයින් ට බදුල්ල මධ්‍යම මහ විදුහලේ ද, බණ්ඩාරවෙල සිට බදුල්ල එන විභාග අපේක්ෂකයින් ට බණ්ඩාරවෙල මධ්‍යම මහ විදුහලේ ද උසස් පෙළ විභාගයට පෙනී සිටීමට අවශ්‍ය පහසුකම් සැලසූ බව පවසන විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා එවැනි ප්‍රවාහන අපහසුතා ඇති විභාග අපේක්ෂකයින් සිටීනම් විභාගය ආරම්භ වීමට විනාඩි 45 කට කලින් එම විභාග මධ්‍යස්ථාන කරා පැමිනෙන ලෙසට දැනුම් දෙයි .
ප්‍රවාහන අපහසුතා නොමැති උසස් පෙළ විභාග අපේක්ෂකයන් සාමාන්‍ය පරදි තමන්ට හිමි විභාග මධ්‍යස්ථානයට ගොස් උසස් පෙළ විභාගයට පෙනී සිටින ලෙසට විභාග කොමසාරිස් ජනරාල් වරයා දැනුම් දී සිටි .
2025 දෙසැම්බර් මස 16
32
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
828
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
602
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බදුල්ලේ උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්