(නිමල කොඩිතුවක්කු)
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට යළිත් අමාත්‍යධූරයක් ලබා දීමට එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් විරෝධය පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා ලංකාදීපයට පැවැසීය.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන් මහතාට චෝදනා එල්ල වී තිබියදී යළිත් ඔහුට අමාත්‍යධූරයක් ලබාදීම අනුමත කළ නොහැකි බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
රිෂාඩ් බදියුදීන් මහතා සම්බන්ධයෙන් වන සියලු චෝදනා විභාග කර අවසන් වනතෙක් ඔහුට අමාත්‍යධූරයක් ලබානොදෙන ලෙසට රජයේ ඉහළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන බවත් ඔහු පැවැසීය.
එල්ල වී ඇති චෝදනා සියල්ලටම නිවැරදිකරු වුවහොත් පමණක් රිෂාඩ් බදියුදීන් මහතාට යළිත් අමාත්‍යධූරයක් ලබාදීමේදී ගැටලුවක් නැතැයිද හේෂා විතානගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කව්ද මේ?
යූඑන්පී රංගන ශිල්පීන් හොදින් රගපෑමට දක්ෂ අය වුවත් ජනතාව ආයේ රැවටෙන්නේ නැහැ. මුස්ලිම් ත්‍රස්තවාදය අනුමත කල බව ඊයේ විශ්වාස භංගය අනුමත කර පෙන්වා හමාරයි
විශ්වාස භංගයේ ජයග්‍රහණය බෝම්බ පිපිරීම් අනුමත කිරීමක් වෙන්නේ නෑ. එක එක්කෙනාට එක එක අර්ථකථන තියෙන්න පුළුවන් වුනාට ඒක එහෙම නෙවෙයි. විශ්වාස භංගයේ මාතෘකාව මොකක් උනත් අවසානේදී වෙන්නේ ආණ්ඩුව පෙරලෙන එක. බෝම්බ ප්‍රහාරයක් පිටින් දාලා ඒ අරමුණ ඉටු කරගන්න කිසිදු බලවේගයකට ඉඩ නොදිය යුතු වන්නේ ඊළගට වෙන දේ අවිනිශ්චිත නිසයි. මහා ඡන්ද ජනාධිපතිවරණ ළඟ ළඟම එද්දී විස්වාස භංග වලින් ආණ්ඩු පෙරලන්න ඕන නෑ.
හොර අගමැති පත් කිරීමේ නාටකයේදී රිෂාඩ් තමන්ගේ පැත්තට ආවා නම් අද ඔහුත් දේශ හිතෛෂී වීරයකු පත්වීමට තිබුණා.
අපි මේක උසාවියෙන් අහමුද?
සුබ්‍රමනියම් ස්වාමිගෙන් මේ සම්බන්ධයෙන් වැඩි තොරතුරක් දැනගත්තට නම් හොඳයි කියලයි මම නම් හිතන්නේ...
බදියුදීන්ලා මුස්ලිම් ත්රස්තවාදයට උඩගෙඩි දෙන අතරම අයිසිස් මුස්ලිම් නෙමෙයි කියලත් මත ගෙනියනවා. හැබැයි අයිසිස් මුස්ලිම් නොවන්නේ කෙසේද? බෙලි කපනකොට පෙන්වන්නේ කුරානය නෙමෙයිද? අල්ලා වෙනුවෙන් අනිකුත් ජාතීන් මරනබව නොකියන්නේද? මේ ප්‍රශ්න වලට පැහැදිලි පිළිතුරු අවශ්‍යයි.
අප රටේ මුස්ලිම් සමාජය තුළින්ම මෝදුවූ මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදය පුපුරා යමින් ඇතිකළ පාස්කු ඉරිදා ඛේදවාචකය නිසා කොටි යුද්ධය නිමවීමත් සමගම මුස්ලිම් බලවතුන් 2005 සිට අරාබි ධන කුවේරයින්ගෙන්ද ආධාර ලබාගනිමින් රටේ නීතියටද වැලිගසමින් සංවිධානාත්මකව හීන්නූලෙන් තම වර්ගයා වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියාකරමින් පසුගිය රජයට සම්බන්ධ වී අරඹා වත්මන් රජයට සම්බන්ධ වී වඩා වර්ධනය කර ඇති අයුරු මුළු රටටම හෙළිදරව් විය. ස්වාධීන අධිකරණය මගින් බදියුදීන් නීතියෙන් වැරදිකරු කරන්නට නොහැකි නම් ඔහුට ඇමති ධුරය නොදීම රාජ්‍ය මට්ටමින් ශිෂ්ට සම්පන්නද? වරද්දා ගත්තේ මොට්ට උපවාසය නිසා නයා වලිගෙන් අල්ලගැනීමය. මනෝමූල දේ ක්‍රියාවට නගන්න ගුණාත්මක බව ගොනුවෙනකන් ඉවසන්න ඕනේ කියන්නේ ඕකට තමයි. බුදු වෙන්නත් කාලය, දේශය, දීපය, කුලය, මව හරියට ගොනු වෙන්නම ඕනෑ. මිනී 999 ක් මරනකන් බුදුන් වහන්සේ අංගුලිමාල දමනය කරන්න නොගියේ ඔන්න ඔය නිසයි. කියන්න වගේ නෙමෙයි කරන්න ගියාම පුරුද්ද නැත්නම් බැහැ කියන්නෙත් ඕකට තමයි. පේන්නේ නැතිද මෛත්‍රීට වෙලා තියන දේ...?