(නිමල කොඩිතුවක්කු)
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඒ. එල්. ඒ. එම්. හිස්බුල්ලා යන මහත්වරුන් එම ධූරයන්ගෙන් ඉවත් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පැය 24ක කාලයක් ලබා දෙන බවත් එසේ නොමැතිනම් තමන්ට ගත හැකි ඉහළම තීන්දුව ගන්නා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ කොළඹදී අද(28) පැවැසූහ.
මෙම පිරිස එම ධුරවලින් ඉවත් කරන ලෙසට ඉල්ලමින් ලංකාව පුරා විසිරී සිටින ශාසනාරක්ෂක බල මණ්ඩල ලේකම් ස්වාමීන් වහන්සේලාගේ අත්සනින් යුතු ලේඛනය පසුගිය 22වනදා ජනාධිපතිවරයා වෙත භාරදුන් බවද උන්වහන්සේ සඳහන් කළහ.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා යහපත් ප්‍රතිචාරයක් නොදැක්වුවහොත් රාජගිරිය සදහම් සෙවන බෞද්ධ මධ්‍යස්ථානයේදී අනිද්දා(30) පස්වරු 2.00ට ආගමික නායකයන්, විද්වතුන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, රණවිරුවන් සමග සාකචඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත් කරන බවත් රතන හිමියෝ පැවසූහ.
අතුරලියේ රතන හිමියෝ මේ බව පැවැසුවේ රාජගිරිය සදහම් සෙවන බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
මේ විවෘත සාකච්ඡාවට සහභාගී වන ලෙස තම ශ්රාවකයන්ටත්, තරුණ තරුණියන්ටත්, විශ්‍රාමික රණවිරුවන්ටත්, ත්රස්තවාදයට එරෙහි සියලූම පිරිස්වලටත් ආරාධනා කර සිටින බව කී උන්වහන්සේ මේ පිළිබඳ වැඩිදුර තොරතුරු077 833 6556 දුරකතනයෙන් ලබා ගත හැකි බවද පැවසූහ.
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදා සිටම රජවරුන් හරි මග යැවීමට මහා සංඝරත්නය කටයුතු කළා. ජාතියක් බලා සිටිනවා මේ දෙස.
නැත්නම් ඔබ වහන්සේත් එයාගෙන් තනතුරක් අරගෙන යන්න. ඕක තමා හැමදාම උනේ.
අපි ඔබ වහන්සේ සමග ඉන්නවා!
බීරි අලින්ට කිසිමදෙයක් ඇහෙන්නේ නෑ .ගන්න පියවරක් ගත්තොත් හොදයි හාමුදුරුවනේ
ඇයි නැතිනම් බෙල්ලේ වැළලා ගන්නවාද? පිස්සු කෙලින්නේ නැතිව ඉන්න. අන්න තව තනතුරක් දිලාලු. ලකුණු දෙන්නම්...
කොහොම වුණත් ඔබ වහන්සේ, අදූරදර්ශී පුද්ගලයෙක්. මහින්ද මහත්තයා එලවන්න ඒ කාලේ මූලිකත්වය ගත්තේ ඔබ වහන්සේලා නේද? දැන් මොන කතාද?
ඔබ වහන්සේටත් වෙන්නේ කල් ඉකුත්වූ භාණ්ඩ වලට වෙන දේමයි...
එහෙට මෙහෙට පැන පැන ඉදලා අයෙත් ගොඩ යන්න පොටක් පාදගන්න හදන්නේ. අපිට කිය කිය ඉන්නේ ගිහින්ම එයාට කියන්න පුලුවන්නේ. අර ඔක්තෝබර් වල පිස්සුවක් නටපුවෙලාවේ සිට හිටියේ එයාගේ ඔඩොක්කුවේනේ.
හොඳට තිබුණු රට වෙනසක්, සාධාරණ රටක්, යහපාලනයක් කියා දැන් රටම කාලා, මහා විනාශයකට අර ඇඳපු මොහු ගැන මොන විසඳුමක්ද? දෙයි හාමුදුරුවනේ මොවුන් ගැන මොන විශ්වාසයක්ද? සිව්රට මුවාවී මහජනයා මුලාකරන මාෆියාවකි... පරිස්සම් වෙමු.
නැගෙනහෙර නම් කමක් නැහැ කියමුකෝ.. ඒත් බස්නාහිර...?
මෙයා UNP එකෙන් පාර්ලිමේන්තුවට බඩගාගෙනයි ආවේ..., දැන් චණ්ඩියෙක් වෙලා. කරුණාකර සිවුරට ගරහන්න එපා හාමුදුරුවනේ...!!!
දැන් පැය 36ක් ගිහිල්ලනේ... කෝ අපිත් බලාගෙන ඉන්නවා පාරට බහින්න.